Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා යොවුන් ලීග විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් අද (20) සිට 29 වැනිදා දක්වා ගාල්ලේදී සහ කරන්දෙණියේදී පැවැත්වීමට නියමිතය.
කොළඹ උතුර, කොළඹ දකුණ, ගාල්ල, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් මෙම තරගාවලියේදී තරග වදිනු ඇත. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් හතරට එරෙහිව එක් වරක් බැගින් තරග වදින අතර මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
තරගාවලියේ අවසන් මහ තරගය 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එක් එක් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය.
තරග කාලසටහන
අගෝ. 20 - කොළඹ උතුර පිල සහ දඹුල්ල පිල අතර ගාල්ලේදී
අගෝ. 20 - කොළඹ දකුණ පිල සහ ගාල්ල පිල අතර කරන්දෙණියේදී
අගෝ. 21 - ගාල්ල පිල සහ කොළඹ උතුර පිල අතර ගාල්ලේදී
අගෝ. 21 - දඹුල්ල පිල සහ මහනුවර පිල අතර කරන්දෙණියේදී
අගෝ. 23 - කොළඹ දකුණ පිල සහ මහනුවර පිල අතර ගාල්ලේදී
අගෝ. 23 - ගාල්ල පිල සහ දඹුල්ල පිල අතර කරන්දෙණියේදී
අගෝ. 24 - දඹුල්ල පිල සහ කොළඹ දකුණ පිල අතර ගාල්ලේදී
අගෝ. 24 - මහනුවර පිල සහ කොළඹ උතුරු පිල අතර කරන්දෙණියේදී
අගෝ. 26 - මහනුවර පිල සහ ගාල්ල පිල අතර ගාල්ලේදී
අගෝ. 26 - කොළඹ උතුර පිල සහ කොළඹ දකුණ පිල අතර කරන්දෙණියේදී
අගෝ. 27 - පළමු අවසන් පූර්ව තරගය ගාල්ලේදී
අගෝ. 27 - දෙවැනි අවසන් පූර්ව තරගය කරන්දෙණියේදී
අගෝ. 29 - අවසන් මහ තරගය ගාල්ලේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.