Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic රෝහිත රාජපක්‍ෂ හෙට සිට ක්‍රිකට් පිටියට

රෝහිත රාජපක්‍ෂ හෙට සිට ක්‍රිකට් පිටියට

editorial - 2021 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ හෙට (27 වැනිදා) පැවැත්වෙන තරගයකදී කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කිරීමට සූදානමින් සිටී. පසුගිය දින වලදී මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වල නිරත වූ රෝහිත රාජපක්ෂ ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි. 

නාවික හමුදා පිලට එරෙහිව හෙට පැවැත්වෙන තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කළුතර නාගරික ක්‍රීඩා සමාජ මූලස්ථානයේදී අද (26 වැනිදා) පැවැති උත්සවයකදී රෝහිත රාජපක්ෂ කණ්ඩායමට පිළිගන්නා ලදි. 

සෑම වර්ෂයකම අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන් සුහදව පිළිගනු ලබන අතර එම අවස්ථාවේදී තරගාවලියට එක්වන ක්‍රීඩයන්ට නිල ඇඳුම් බෙදා දෙනු ලබයි. අද සවස පැවැති ක්‍රීඩකයන් පිළිගැනීමේ උත්සවයේදී රෝහිත රාජපක්‍ෂට ඔහුගේ කණ්ඩායම් ඇඳුම කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති දීපාල් පෙරේරා මහතා විසින් පිරිනමන ලදි. 

- 2079


අදහස් (0)

රෝහිත රාජපක්‍ෂ හෙට සිට ක්‍රිකට් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.