Last Update  :  2025-05-05 13:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic මහනුවර - ගාල්ල අතර තියුණු සටනක්

මහනුවර - ගාල්ල අතර තියුණු සටනක්

රොෂාන් ගුණරත්න - 2020 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට යාපනය ස්ටැලියන්ස්, කොළඹ කිංග්ස් සහ දඹුල්ල වයිකිංග්ස් යන කණ්ඩායම් සමත්වුහ. තවත් එක් කණ්ඩායමක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නියමිත අතර ඒ සඳහා මහනුවර ටස්කර්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර තියුණු තරගයක් පවතී.

තරග 13 ක් අවසන් වනවිට තරග 4 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යාපනය ස්ටැලියන්ස් පිල සමත්වී ඇත. යාපනය ස්ටැලියන්ස්, කොළඹ කිංග්ස් සහ දඹුල්ල වයිකිංග්ස් යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාසිටියද ශුද්ධ ලකුණු වේගය 1.243 ක් පවත්වාගෙන යන යාපනය ස්ටැලියන්ස් පිල පෙරමුණ ගැනීමට සමත්විය. ශුද්ධ ලකුණු වේගය අනුව කොළඹ කිංග්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටත්, දඹුල්ල වයිකිංග්ස් පිල තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.

තරග 6 කට සහභාගිවී ඉන් එක් තරගයක් පමණක් ජයගත් මහනුවර ටස්කර්ස් පිල ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන සිව්වැනි ස්ථානයට පත්ව ඇති අතර තරග 5 කට සහභාගිවී තරග 5 ම පරාජයට පත්වී ඇති ගාල්ල ග්ලැඩියේටර්ස් පිල තවමත් ප්‍රසාද ලකුණු ලබාගැනීමට අපොහොසත්වීම හේතුවෙන් ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන්නේය. මූලික වටයේ තරග 11 වැනිදා අවසන්වීමට නියමිතව ඇති අතර ඊට තවත් තරග 7 ක් ඇතුළත්ව ඇත. පළමු අවසන් පූර්ව තරගය 13 වැනිදාත්, දෙවැනි අවසන් පූර්ව තරගය 14 වැනිදාත් පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරගය 16 වැනිදා පැවැත්වේ.

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන නමුත් ගාල්ල ග්ලැඩියේටර්ස් පිලේ ධනුෂ්ක ගුණතිලක තරග 5 කදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 284 ක් රැස්කරමින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වී ඇත. දඹුල්ල වයිකිංග්ස් පිලේ දසුන් ශානක ලකුණු 234 ක් සහ යාපනය ස්ටැලියන්ස් පිලේ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 209 ක් ලබාගනිමින් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානයන්හී පසුවෙති.

යාපනය ස්ටැලියන්ස් පිලේ වනිඳු හසරංග තරග 5 කට ක්‍රීඩාකරමින් කඩුලු 9 ක් දවාගනිමින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වී ඇත. මහනුවර ටස්කර්ස් පිලේ නවීන් උල් හක් (කඩුලු 8 ක්) සහ යාපනය ස්ටැලියන්ස් පිලේ උස්මාන් ශින්වාරී (කඩුලු 7 ක්) දවාගනිමින් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානයන්හී පසුවෙති.


අදහස් (0)

මහනුවර - ගාල්ල අතර තියුණු සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.