(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය පොලිස් ක්‍රීඩකයන්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි. පළමු ඉනිමේදී ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත් රවිඳු ප්‍රනාන්දු, දෙවැනි ඉනිමේදීද ලකුණු 73 කට කඩුලු 5 ක් බිඳහෙළමින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
මෙම තරගයේදී පොලිස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ නලින් ප්‍රියදර්ශන ලකුණු 138 කට කඩුලු 8 ක්ද, දිලුම් සුදීර ලකුණු 107 කට කඩුලු 7 ක්ද දවාගැනීමට සමත් වූහ.
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 216
(රොන් චන්ද්‍රගුප්ත 40, මිනෙත් ප්‍රේමරත්න 49, ළහිරු මධුෂංක 26, ඉසිත විජේසුන්දර 54, දිලුම් සුදීර 80/5, නලින් ප්‍රියදර්ශන 80/3)
පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 112
(සංගීත් ෂෙහාර 20, නදීර බාලසූරිය 49, රවිඳු ප්‍රනාන්දු 33/4, සහන් නානායක්කාර 22/2, ඉසිත විජේසුන්දර 26/2)
බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 127
(ළහිරු මධුෂංක 42, ඉසිත විජේසුන්දර 30, නලින් ප්‍රියදර්ශන 58/6, දිලුම් සුදීර 27/2)
පොලිස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 170
(නදීර බාලසූරිය 47, රවිඳු ප්‍රනාන්දු 73/5, ඉසිත විජේසුන්දර 22/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.