(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හත්වැනි සතිය යටතේ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 52 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය ඊයේ (19 වැනිදා) සමත් විය. මෙවර තරගාවලියේදී ඒස් කැපිටල් කණ්ඩායම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය ද්‍රවිඩ සංගම් කණ්ඩායමට වනුජ සහන් ප්රමුඛ ඒස් කැපිටල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 122 ක් පමණි. පළමු ඉනිමේදී ලකුණු 119 කට කඩුලු 4 ක් දවාගත් වනුජ, දෙවැනි ඉනිමේදී ලකුණු 45 කට කඩුලු 5 ක් බිඳහෙළමින් ඉනිම් දෙකේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 9 ක් දක්වා ඉහළ දමාගත්තේය.
පළමු ඉනිමේදී ලකුණු 104 කට කඩුලු 4 ක් දවාගත් රොෂාන් ජයතිස්ස, දෙවැනි ඉනිමේදී ලකුණු 50 කට කඩුලු 3 ක් බිඳහෙළමින් ඒස් කැපිටල් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා වනුජට අනගි සහායක් දුන්නේය. ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තරිඳු රත්නායක හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 ක් රැස්කළේය.
දෙවැනි දිනය වූ ඉරිදා (18 වැනිදා) කඩුලු 3 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටි ඒස් කැපිටල් කණ්ඩායම, අවසන් දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 182 ක් එක්කර ගැනීමට සමත් විය. එහිදී කවිඳු අමනෙත් (62) සහ රවීන් ද සිල්වා (නොදැවී 50) අර්ධ ශතක ලබාගත්හ. කඩුලු 8 ක් දැවී ලකුණු 280 ක් රැස්කිරීමෙන් අනතුරුව ඉනිම අත්හිටවූ ඒස් කැපිටල් කණ්ඩායම ද්‍රවිඩ සංගම් කණ්ඩායමට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට ආරාධනා කළේය.
ඒස් කැපිටල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 206
(කවිඳු ආමන්ත 36, රවීන් ද සිල්වා 62, ඉසිත විජේසුන්දර 35, තරිඳු රත්නායක 76/5, තීසාන් විතුෂාන් 42/3)
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - සියලු දෙනා දැවී 312
(සිතාර හපුහින්න 20, මිනෝද් භානුක 59, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 103, තරිඳු රත්නායක 31, විජයකාන්ත් වියස්කාන්ත් 31, රොෂාන් ජයතිස්ස 103/4, වනුජ සහන් 119/4)
ඒස් කැපිටල් දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 280
(කවිඳු ආමන්ත 62, රනේෂ් සිල්වා 48, රවීන් ද සිල්වා නොදැවී 50, ඉසිත විජේසුන්දර 41, තීසාන් විතුෂාන් 78/4, තරිඳු රත්නායක 129/4)
ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 122
(තරිඳු රත්නායක 28, වනුජ සහන් 43/5, රොෂාන් ජයතිස්ස 50/3, කවිඳු ආමන්ත 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.