Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic නමවැනි පිතිකරු නිසලගෙන් ශතකයක්
ජාතික සුපිරි ලීගය

නමවැනි පිතිකරු නිසලගෙන් ශතකයක්

editorial - 2024 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ දෙවැනි දිනය වූ අද (29 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 152 ක් ලබා සිටියේය. 

ඒ අනුව මහනුවර කණ්ඩායම තවත් කඩුලු 5 ක් අතැතිව කොළඹ කණ්ඩායමට වඩා ලකුණු 348 ක් පසුපසින් සිටින අතර දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි අහන් වික්‍රමසිංහ හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 72 ක්ද, වනුජ සහන් හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

පළමු දිනය වූ ඊයේ (28 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටි කොළඹ කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 170 ක් එක්කර ගත්තේය. එහිදී අනර්ඝ පිතිහරඹයක නිරත වූ අංක 9 පිතිකරු නිසල තාරක හතරේ පහර 10 ක් සමග ලකුණු 107 ක් රැස්කළේය. 

කොළඹ ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් තරිඳු රත්නායක (83) සමග එක්ව ලකුණු 173 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොනැගීමටද නිසල සමත් වූ අතර තරිඳුගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ඝත විය. සිතුම් දිසානායක සහ වනුජ සහන් කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ. 


කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 500 
(නිපුන් ධනංජය 31,  ප්‍රියමාල් පෙරේරා 27, දසුන් ශානක 110, හිමාෂ ලියනගේ 46, දුනිත් වෙල්ලාලගේ 37, නිසල තාරක 107, තරිඳු රත්නායක 83, සිතුම් දිසානායක 95/3, වනුජ සහන් 104/3, නිම්සර අතරගල්ල 85/2) 

මහනුවර පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 152 
(අහන් වික්‍රමසිංහ නොදැවී 72, වනුජ සහන් නොදැවී 38, නුවනිඳු ප්‍රනාන්දු 36/3) 


අදහස් (0)

නමවැනි පිතිකරු නිසලගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.