Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තික්ෂිල ද සිල්වාගේ (30/5) විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (6 වැනිදා) පැවැති තරගයකදී ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 34 ක ජයක් අත්කර ගැනීමට හලාවත මේරියන්ස් පිල සමත්විය. මෙම තරගය පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
කාසියේ වාසිය දිනාගත් ගුවන් හමුදා පිල පළමුව පන්දුවට පහරදීම සඳහා හලාවත මේරියන්ස් පිලට ආරාධනා කළ අතර ඕවර අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 191 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
නායක ශෙහාන් ජයසූරිය පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 54 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. ඊට අමතරව කමිඳු මෙන්ඩිස් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 42 ක් ද ලසිත් කෲස්පුල්ලේ පන්දු 24 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 33 ක් සහ තික්ෂිල ද සිල්වා පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 27 ක් ලබාගැනීමට සමත්වූහ.
සංජය රණවීර කඩුලු 3 ක් සහ ලසඳ රුක්මාල් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ඕවර 20 කදී ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය ගුවන් හමුදා පිලට කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 157 ක් පමණි.
ආරම්භක පිතිකරු උදයවංශ පරාක්‍රම පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 47 ක් ද, සුමින්ද ලක්ෂාන් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් සහ ශබික් ඉෆ්ත්‍රී පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 23 ක් රැස්කළද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ පරාජය වැළඳ ගැනීමට ඔවුන්ට සිදුවූහ.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ තික්ෂිල ද සිල්වා ඕවර 4 ක් යවමින් ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. නිමේෂ් විමුක්ති කඩුලු 2 ක් දවාගත්තේය.
තවත් තරග 11 ක් ක්‍රීඩාංගණ 5 කදී පැවැති අතර එහිදී මීගමුව, එන්.සී.සී, ලන්කන්, සැරසන්ස්, යුදහමුදාව, බ්ලූම්ෆීල්ඞ්, මූවර්ස්, සී.සී.සී, කෝල්ට්ස්, රාගම සහ එස්.එස්.සී යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.
ඊයේ පැවැති තරග වලදී ශොහන් ජයසූරිය (හලාවත මේරියන්ස්), යාන් මනීෂාන් (වරාය අධිකාරිය), මිලින්ද සිරිවර්ධන (සැරසන්ස්), අෂාන් රංදික (යුදහමුදාව), අකිල් ඉන්හාම් (මහනුවර කස්ටම්ස්), නිෂාන් ප්‍රනාන්දු (රාගම), ක්‍රිෂාන් සංජුල (එස්.එස්.සී) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.
හලාවත මේරියන්ස් පිලට ලකුණු 34 ක ජයක්
හලාවත මේරියන්ස් සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 191
(ලසිත් කෲස්පුල්ලේ 33, කමිඳු මෙන්ඩිස් 42, ශොහන් ජයසූරිය 54, තික්ෂිල ද සිල්වා 27, සංජය රණවීර 35/3, ලසඳ රුක්මාල් 38/2)
ගුවන් හමුදාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 157
(උදයවංශ පරාක්‍රම 47, ශබික් ඉෆ්ත්‍රී 23, සුමින්ද ලක්ෂාන් 25, තික්ෂිල ද සිල්වා 30/5, නිමේෂ් විමුක්ති 29/2)
--------------------------------------------------------------------------------------------
මීගමුව පිලට කඩුලු 8 ක ජයක්
කළුතර නාගරික සහ මීගමුව කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික - ඕවර 17.4 කදී සියලුදෙනා දැවී 103
(අනුෂ්ක පෙරේරා 38, උපුල් ඉන්ද්‍රසිරි 19/3, රොෂේන් ප්‍රනාන්දු 27/3)
මීගමුව - ඕවර 15.2 කදී කඩුලු 2 ක් දැවී 106
(දිල්ෂාන් මුණවීර 30, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 21, මාධව වර්ණපුර නොදැවී 44)
--------------------------------------------------------------------------------------------
එන්.සී.සී පිලට කඩුලු 3 ක ජයක්
නාවික හමුදාව සහ එන්.සී.සී කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
නාවික හමුදාව - ඕවර 19.2 කදී සියලුදෙනා දැවී 88
(ඩබ්ලිව්. වයන්ත 21, සමිත රංග 25, සචිඳු කොළඹගේ 24/3, චතුරංග ද සිල්වා 06/2)
එන්.සී.සී - ඕවර 16.4 කදී කඩුලු 7 ක් දැවී 91
(මහේල උඩවත්ත 31, ඇන්ජලෝ පෙරේරා නොදැවී 24, සුදාර දක්ෂිණ 17/2, ඩිලංක අවඞ් 17/2)
--------------------------------------------------------------------------------------------
ලන්කන් පිලට ලකුණු 11 ක ජයක්
ලන්කන් සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
ලන්කන් - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී 120
(ප්‍රිමෝෂ් පෙරේරා 22, චානක රුවන්සිරි 28, දමිත සිල්වා නොදැවී 20, සුපුන් කාවින්ද 15/3, හෂාන් විමර්ෂණ 29/3)
වරාය අධිකාරිය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 109
(ගයාන් මනීෂාන් නොදැවී 56, උදිත් මධුෂාන් 27/3)
--------------------------------------------------------------------------------------------
සැරසන්ස් පිලට ලකුණු 69 ක ජයක්
සැරසන්ස් සහ පොලිස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 192
(රනිත ලියනාරච්චි 41, මිලින්ද සිරිවර්ධන 72, අෂේන් බණ්ඩාර 31, නිසාර් අහ්මඞ් 53/2)
පොලිස් - ඕවර 18.2 කදී සියලුදෙනා දැවී 123
(ලක්ෂාන් රොඩි්‍රගූ 26, දුලාෂ් උදයංග 21, සාලිය සමන් 21/4, මොහොමඞ් දිල්ෂාඞ් 16/2, මිලින්ද සිරිවර්ධන 24/2)
--------------------------------------------------------------------------------------------
යුදහමුදා පිලට ලකුණු 53 ක ජයන්
යුදහමුදාව සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - ඕවර 20 කදී සියලුදෙනා දැවී 149
(අෂාන් රංදික 57, ලක්ෂාන් එදිරිසිංහ 22, නවීන් කවිකාර 16/4)
කුරුණෑගල යොවුන් - ඕවර 16.1 කදී සියලුදෙනා දැවී 96
(අරවින්ද අකුරුගොඩ 45, විනෝද් පෙරේරා 20, දුෂාන් විමුක්ති 29/3, හන්ස ප්‍රමෝද් 31/3)
--------------------------------------------------------------------------------------------
බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 2 ක ජයක්
බ්ලූම්ෆීල්ඞ් සහ ගාල්ල කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීල්ඞ් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 149
(සචින් ජයවර්ධන 23, නිපුන ගමගේ 41, චාමර සිල්වා 28, මිෂේන් සිල්වා නොදැවී 32, චතුර ලක්ෂාන් 24/2)
ගාල්ල - ඕවර 20 කදී සියලුදෙනා දැවී 147
(සාරංග රාජගුරු 29, නිමේෂ් පෙරේරා 22, රවිෂ්ක විජේසිරි 33, ගයාන් සිරිසෝම 23/3, සචින් ජයවර්ධන 11/2, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 32/2)
--------------------------------------------------------------------------------------------
මූවර්ස් පිලට ලකුණු 91 ක ජයක්
මූවර්ස් සහ යුනිචෙලා කණ්ඩායම් අතර බි.ආර්.සී ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී 154
(අයන සිරිවර්ධන 35, කවිෂ්ක අංජුල 32, ඉෂාර අමරසිංහ 30/3, ධනුෂ්ක මධුශංක 19/2)
යුනිචෙලා - ඕවර 18.5 කදී සියලුදෙනා දැවී 63
(කවිෂ්ක අංජුල 14/3, රමේෂ් මෙන්ඩිස් 19/3)
--------------------------------------------------------------------------------------------
සී.සී.සී පිලට ලකුණු 11 ක ජයක්
සී.සී.සී සහ නුගේගොඩ කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
සී.සී.සී - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 132
(ලසිත් අබේරත්න 34, ළහිරු මධුශංක 34, ශාලික කරුණානායක 20, නිමන්ත ගුණසිරි 37/3)
නුගේගොඩ - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 121
(ඉරෝෂ් සමරසූරිය 21, මාලින්ද පුෂ්පකුමාර 28/3, ළහිරු ගමගේ 30/2)
--------------------------------------------------------------------------------------------
කෝල්ට්ස් පිලට ලකුණු 5 ක ජයක්
කෝල්ට්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 127
(ප්‍රියමාල් පෙරේරා 30, ජෙහාන් ඩැනියෙල් නොදැවී 34, ශෙහාන් මධුශංක 23/2)
බදුරලිය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 122
(ළහිරු සමරකෝන් 26, ළහිරු මිලන්ත 39, ප්‍රභාත් ජයසූරිය 15/2, නිසල තාරක 23/2)
--------------------------------------------------------------------------------------------
රාගම පිලට කඩුලු 7 ක ජයක්
මහනුවර කස්ටම්ස් සහ රාගම කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
මහනුවර කස්ටම්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 108
(අකිල් ඉන්හාම් 58, චානක විජේසිංහ 24, ඉෂාන් ජයරත්න 24/2)
රාගම - ඕවර 19.5 කදී කඩුලු 3 ක් දැවී 112
(නිෂාන් ප්‍රනාන්දු නොදැවී 62, ළහිරු තිරිමාන්න 30)
--------------------------------------------------------------------------------------------
එස්.එස්.සී පිලට කඩුලු 8 ක ජයක්
ද්‍රවිඩ සංගමය සහ එස්.එස්.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය - ඕවර 18.3 කදී සියලුදෙනා දැවී 121
(කමේෂ් නිර්මාල් 39, මනෝජ් සරත්චන්ද්‍ර 25, සුරංග ලක්මාල් 33, තරිඳු රත්නායක 14/2, සචිත්‍ර සේනානායක 22/2, ධම්මික ප්‍රසාද් 29/2)
එස්.එස්.සී - ඕවර 16.3 කදී කඩුලු 2 ක් දැවී 124
(ක්‍රිෂාන් සංජුල නොදැවී 51, ආකාෂ් සේනාරත්න 37, තරිඳු රත්නායක නොදැවී 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.