Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic කළුතර නාගරික පිලෙන් පෙරළිකාර ජයක්

කළුතර නාගරික පිලෙන් පෙරළිකාර ජයක්

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති තරගයකදී ප්‍රබල යුදහමුදා පිලට එරෙහිව කඩුලු 6 ක පෙරළිකාර ජයක් අත්කර ගැනීමට කළුතර නාගරික පිල සමත්විය.

කාසියේ වාසිය දිනූ කළුතර නාගරික පිල පළමුව පන්දුවට පහරදීම සඳහා යුදහමුදා පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 111 ක් පමණි.

පළමු ඕවර 10 තුලදී කඩුලු 3 ක් දැවී ලකුණු 62 ක් රැස්කළ යුදහමුදා පිලට අවසන් ඕවර 10 තුලදී තවත් කඩුලු 6 ක් අහිමිකර ගනිමින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 49 ක් පමණි. කළුතර නාගරික පිලේ නායකයා පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත් අතර ඉසංක සිරිවර්ධන සිරිවර්ධන සිය ඕවර 4 ලකුණු 15 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත්තේය. සෙසු පන්දු යවන්නන් කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

අෂාන් රංදික ලකුණු 33 ක් ද දිනේෂ් චන්දිමාල් සහ දුෂාන් විමුක්ති ලකුණු 21 බැගින් රැස්කළද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට ඔවුන් අපොහොසත් වූහ.
ජයග්‍රහණය සඳහා ඕවර 20 කදී ලකුණු 112 ක ඉලක්කයක් හඹාගිය කළුතර නාගරික පිල ඕවර 19.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

දසුන් සෙනෙවිරත්න පන්දු 21 කදි හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළ අතර සදින් දල්පදාදු නොදැවී ලකුණු 22 ක් රැස්කිරීමට සමත්විය.

පන්දු යවන්නන් හොදින් පන්දු යැවීම සිදුකළද ආරක්ෂා කරගැනීමට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොතිබීම හේතුවෙන් පරාජය වැළඳගැනීමට ඔවුන්ට සිදුවූහ.

තවත් තරග 11 ක් ක්‍රීඩාංගණ 6 කදී පැවැති අතර එහිදී කෝල්ට්ස්, මූවර්ස්, ගුවන් හමුදාව, රාගම, ද්‍රවිඩ සංගමය, බී.ආර්.සී, බදුරලිය, සී.සී.සී, එන්.සී.සී සහ එස්.එස්.සී යන කණ්ඩායම් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් විය.

ඊයේ පැවැති තරග වලදී අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට නිශාන් ප්‍රනාන්දු (රාගම), ළහිරු උදාර (එන්.සී.සී), චරිත කුමාරසිංහ (මූවර්ස්), ලසිත් ලක්ෂාන් (බී.ආර්.සී), මංසූර් අම්ජාඞ් (ගාල්ල), පැතුම් නිස්සංක (එන්.සී.සී), අෂාන් ප්‍රියංජන් (සී.සී.සී), ලක්ෂාන් රොද්‍රිගු (පොලිස්) සහ පබසර වඩුගේ (මූවර්ස්) සමත්වූහ.

සැරසන්ස් පිලේ මොහොමඞ් දිල්ෂාඞ් කඩුලු 5 ක් ද අෂාන් ප්‍රියංජන් (සී.සී.සී), මංසූර් අම්ජාඞ් (ගාල්ල), නිමන්ද සුභසිංහ (මූවර්ස්), නෙරංජන් කුමුදිත (මහනුවර කස්ටම්ස්) කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

කළුතර නාගරික පිලට කඩුලු 6 ක ජයක්

යුදහමුදාව සහ කළුතර නාගරික කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

යුදහමුදාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 111
(අෂාන් රංදික 33, දිනේෂ් චන්දිමාල් 21, දුෂාන් විමුක්ති 21, ඉසංක සිරිවර්ධන 15/3)
කළුතර නාගරික - ඕවර 19.3 කදී කඩුලු 4 ක් දැවී 113
(දසුන් සෙනෙවිරත්න 34, සදින් දල්පදාදු නොදැවී 22, දුෂාන් විමුක්ති 20/2)


මූවර්ස් පිලට කඩුලු 7 ක ජයක්

බ්ලූම්ෆීල්ඞ් සහ මූවර්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

බ්ලූම්ෆීල්ඞ් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 138
(රෙවන් කෙලී 40, දිල්හාන් කුරේ 30, මිෂේන් සිල්වා නොදැවී 31, නිමන්ද සුභසිංහ 22/4)
මූවර්ස් - ඕවර 16 කදී කඩුලු 3 ක් දැවී 143
(චරිත කුමාරසිංහ 60, පබසර වඩුගේ නොදැවී 62, චතුර ඔබේසේකර 25/2)


ගුවන් හමුදාවට කඩුලු 4 ක ජයක්

මීගමුව සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

මීගමුව - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී 118
(දිල්ශාන් මුණවීර 33, සංජය රණවීර 33/3, ප්‍රමෝද් කුමාර 06/2, රසින්ද්‍ර සිල්වා 17/2)
ගුවන් හමුදාව - ඕවර 19.4 කදී කඩුලු 6 ක් දැවී 119
(චාමර ප්‍රනාන්දු 44, ශබීක් ඉෆ්ත්‍රී 27, මාධව වර්ණපුර 11/2)


රාගමට කඩුලු 9 ක ජයක්

වරාය අධිකාරිය සහ රාගම කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

වරාය අධිකාරිය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 126
(සුපුන් කාවින්ද 23, අමෝද විදානපතිරණ 21, ප්‍රෂාන් වික්‍රමසිංහ 28)
රාගම - ඕවර 18.1 කදී කඩුල්ලක් දැවී 130
(නිෂාන් මදුෂ්ක නොදැවී 64, ළහිරු තිරිමාන්න 32, උදාර ජයසුන්දර නොදැවී 29)


ද්‍රවිඩ සංගමයට ලකුණු 55 ක ජයක්

ද්‍රවිඩ සංගමය සහ නාවික හමුදාව අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 153
(කමේෂ් නිර්මාල් 28, මනෝජ් සරත්චන්ද්‍ර 32, රන්මිත් ජයසේන නොදැවී 33, බුද්ධික මධුෂාන් 20/2)
නාවික හමුදාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 98
(සවිඳු පිරීස් නොදැවී 23, රමිත රඹුක්වැල්ල 09/2)


බී.ආර්.සී පිලට ලකුණු 36 ක ජයක්

බී.ආර්.සී සහ ලංකන් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 177
(ලසිත් ලක්ෂාන් 51, ශානුක දුලාජ් 42, තරිඳු කෞෂාල් 30, රමින්ද විජේසූරිය නොදැවී 25, දමිත සිල්වා 12/2)
ලංකන් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 141
(ප්‍රිමෝෂ් පෙරේරා 32, තරිඳු කෞෂාල් 13/3, දුවිඳු තිලකරත්න 14/3)


බදුරලියට ලකුණු 24 ක ජයක්
බදුරලිය සහ ගාල්ල කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

බදුරලිය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 155
(යශෝධ ලංකා 29, සාලින්ද උෂාන් 34, දමිත් පෙරේරා 39, මන්සූර් අජ්මාඞ් 18/4, රවිෂ්ක විජේසිරි 09/2, චතුර ලක්ෂාන් 23/2)
ගාල්ල - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 131
(මන්සූර් අජ්මාඞ් 52, බුද්ධික සංජීව 24/3, ළහිරු සමරකෝන් 19/2, අලංකාර අසංක 27/2)


සී.සී.සී පිලට ලකුණු 140 ක ජයක්

මහනුවර කස්ටම්ස්  සහ සී.සී.සී. කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

සී.සී.සී - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 196
(අෂාන් ප්‍රියංජන් 90, මිනෝද් භානුක 25, ශාලික කරුණානායක නොදැවී 48, නෙරංජන් කුමුදිත 42/4)
මහනුවර කස්ටම්ස්  - ඕවර 15.4 කදී සියලුදෙනා දැවී 56
(රැල්ප් ප්‍රනාන්දු 24, අෂාන් ප්‍රියංජන් 11/4, මාලින්ද පුෂ්පකුමාර 09/3)

 

එන්.සී.සී පිලට ලකුණු 123 ක ජයක්

පොලිස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 234
(පැතුම් නිස්සංක 77, ළහිරු උදාර 82, මහේල උඩවත්ත නොදැවී 57)
පොලිස් - ඕවර 17 කදී සියලුදෙනා දැවී 111
(ලක්ෂාන් රොද්‍රිගෝ 51, රවිඳු තිලකරත්න 14/3, සදිඳු කොළඹගේ 28/3)


එස්.එස්.සී පිලට ලකුණු 9 ක ජයක්

එස්.එස්.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදෘ

එස්.එස්.සී - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 130
(ක්‍රිෂාන් සංජුල 26, සම්මු අෂාන් 32, මෙහොමඞ් ඩිල්ෂාඞ් 21/5)
සැරසන්ස් - ඕවර 20 කදී කඩුල්ලක් සියලුදෙනා දැවී 121
(මදුක ලියන පතිරණ 22/3, හර්ෂ රාමනායක 3,9, 3,)

 


අදහස් (0)

කළුතර නාගරික පිලෙන් පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.