Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic එස්.එස්.සී - යුදහමුදාව - එන්.සී.සී - මේරියන්ස් අවසන් පූර්ව වටයට

එස්.එස්.සී - යුදහමුදාව - එන්.සී.සී - මේරියන්ස් අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2019 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී, යුදහමුදාව, එන්.සී.සී සහ හලාවත මේරියන්ස් යන කණ්ඩායම් අද (28 වැනිදා) සමත්විය.

එන්.සී.සී සහ යුද හමුදා කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීත්, හලාවත මේරියන්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදීත් හෙට (29 වැනිදා) පැවැත්වේ.

අවසන් පූර්ව තරග වලින් ජයගන්නා කණ්ඩායම් අතර අවසන් මහ තරගය 31 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව ලකුණු 200 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිල සමත්වූ අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සැරසන්ස් පිලට එරෙහිව ලකුණු 3 ක තියුණු ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී පිල සමත්විය. එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පානදුර පිලට එරෙහිව ලකුණු 130 ක ජයක් හලාවත මේරියන්ස් පිලට හිමිවූ අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ගුවන් හමුදා පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට යුදහමුදා පිල සමත්විය.

අද අවසන් වූ අර්ධ අවසන් පූර්ව වටයේදී වාර්තාවූ එකම ශතකයට හිමිකම් කීමට හලාවත මේරියන්ස් පිලේ සුමිත් ඝාදිගාවෝන්කර් සමත්විය. පානදුර පිලට එරෙහිව පන්දු 108 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ උමේෂ් කරුණාරත්න හලාවත මේරියන්ස් පිලට එරෙහිව ලකුණු 67 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත්විය.

එස්.එස්.සී පිලට ලකුණු 200 ක ජයක්

එස්.එස්.සී - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 299
(දිමුත් කරුණාරත්න 70, සඳුන් වීරක්කොඩි 62, සචිත්‍ර සේනානායක 22, චරිත් අසලංක 56, ධම්මික ප්‍රසාද් නොදැවී 46, සදිෂ් පතිරණගේ 29/2, රමිත රඹුක්වැල්ල 44/2)

ද්‍රවිඩ සංගමය - ඕවර 24 කදී සියලුදෙනා දැවී 99
(ප්‍රසංසන ජයමාන්න 24, සචිත්‍ර සේනානායක 15/4, ජෙෆ්රි වැන්ඩසේ 3/3, හිමේෂ් රාමනායක 30/2)

එන්.සී.සී පිලට ලකුණු 3 ක ජයක්

එන්.සී.සී - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 244
(පැතුම් නිශ්ශංක 78, මහේල උඩවත්ත 41, ඇන්ජලෝ පෙරේරා 37, චතුරංග ද සිල්වා 51, චාමික කරුණාරත්න 21, සාලිය සමන් 41/4, හර්ෂ රාජපක්ෂ 52/3)

සැරසන්ස් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 241
(සිතාර ගිම්හාන් 68, රනිත ලියනාරච්චි 23, ප්‍රමෝද් මධුවන්ත 62, සාලිය සමන් 24, සචිඳු කොළඹගේ 21/2, චාමික ගුණසේකර 42/2)

මේරියන්ස් පිලට ලකුණු 130 ක ජයක්

මේරියන්ස් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 315
(සුමිත් ඝාදිගාවෝන්කර් 100, කමිඳු මෙන්ඩිස් 63, ශෙහාන් ජයසූරිය 88, තීක්‍ෂිල ද සිල්වා 28, උමේෂ් කරුණාත්න 67/6)

පානදුර - ඕවර 41.3 කදී සියලුදෙනා දැවී 185
(විශ්ව චතුරංග 37, හර්ෂ කුරේ 41, කෂීෆ් නවීඞ් 20, පුලින තරංග 16/4, කමිඳු මෙන්ඩිස් 40/3, ශෙහාන් ජයසූරිය 36/2)

යුදහමුදා පිලට කඩුලු 5 ක ජයක්

ගුවන් හමුදාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 206
(උදයවංශ පරාක්‍රම 26, ශබීක් ඉෆ්ත්‍රී 22, සුමින්ද ලක්ෂාන් 63, මාධව නිමේෂ් 47, හේෂාන් හෙට්ටිආරච්චී 47/3, ළහිරු විජේතුංග 20/2)

යුද හමුදාව - ඕවර 44.3 කදී කඩුලු 5 ක් දැවී 207
(ලක්ෂාන් එදිරිසිංහ 48, දුෂාන් විමුක්ති 25, දිනේෂ් චන්දිමාල් නොදැවී 67, අසේල ගුණරත්න 36, සුමින්ද ලක්ෂාන් 42/2)


අදහස් (0)

එස්.එස්.සී - යුදහමුදාව - එන්.සී.සී - මේරියන්ස් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.