Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic අෂේන්ගේ ශතකය සැරසන්ස් පිලට ජය ගෙනෙයි

අෂේන්ගේ ශතකය සැරසන්ස් පිලට ජය ගෙනෙයි

editorial - 2020 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අෂේන් බණ්ඩාරගේ (නොදැවී 101) වේගවත් පිතිහරඹය හමුවේ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (8 වැනිදා) පැවැති තරගයකදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව ලකුණු 5 ක තියුණු ජයක් අත්කර ගැනීමට සැරසන්ස් පිල සමත්විය. මෙම තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

කාසියේ වාසිය දිනාගත් ද්‍රවිඩ සංගම් පිල පළමුව පන්දුවට පහරදීමට සැරසන්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 190 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ අෂේන් බණ්ඩාර පන්දු 65 කදී හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත්විය. අෂේන්ට අනගි සහයක් ලබාදුන් නායක මිලින්ද සිරිවර්ධන පන්දු 31 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 54 ක් රැස්කරමින් සැරසන්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

සැරසන්ස් පිලේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණක් තුල දැවී තිබියදී සිවුවැනි කඩුල්ල සඳහා එක්වූ මිලින්ද සිරිවර්ධන සහ අෂේන් බණ්ඩාර පන්දු 61 කදී ලකුණු 101 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිය කණ්ඩායම වැටී තිබූ ආඝාදයෙන් ගොඩගැනීමට සමත්වූහ.

කසුන් මධුෂංක සහ විමුක්ති පෙරේරා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය ද්‍රවිඩ සංගම් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 185 ක් පමණි.

මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 54 ක් රැස්කිරීමට සමත්වුවද ද්‍රවිඩ සංගම් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් විය.

සාලිය සමන් කඩුලු 3 ක් සහ මොහොමඞ් දිල්ෂාඞ් කඩුලු 2 ක් දවාගනිමින් සැරසන්ස් පිලේ ජයග්‍රහණයට දායක වූහ.

තවත් තරග 11 ක් ක්‍රීඩාංගණ 5 කදී පැවැති අතර එහිදී හලාවත මේරියන්ස්, කළුතර නාගරික, කෝල්ට්ස්, රාගම, බදුරලිය, යුධ හමුදාව, ගාල්ල, සී.සී.සී, එන්.සී.සී, ලන්කන් සහ පොලිස් යන කණ්ඩායම් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්විය.

හලාවත මේරියන්ස් පිලේ අසිත ප්‍රනාන්දු සිය ඕවර 4 ලකුණු 8 කට සීමාකරමින් මීගමුව පිලේ කඩුලු 6 ක් දවාගනිමින් දේශීය විස්සයි20 තරගාවලියක හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්විය. ජාත්‍යන්තර නොවන විස්සයි20 තරගාවලියක හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියකදී කොලින් ඇකර්මන් විසින් ලකුණු 18 කට දවාගත් කඩුලු 7 ය.

ලසිත් මාලිංග බීග් බෑෂ් තරගාවලියකදී ලකුණු 7 කට කඩුලු 6 ක් දවාගෙන ඇති අතර අජන්ත මෙන්ඩිස් සිම්බාබ්වේට එරෙහිව ජාත්‍යන්තර තරගයකදී ලකුණු 8 කට කඩුලු 6 ක් දවාගෙන ඇත. දීපක් චහර් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 7 කට දවාගත් කඩුලු 6 ජාත්‍යන්තර තරගයක යැවූ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේය.

යුධ හමුදා පිලට එරෙහිව ගුවන් හමුදා පිලේ ලසඳ රුක්මාල් ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට අද සමත්විය. මිලින්ද සිරිවර්ධන (සැරසන්ස්), මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය), චරිත කුමාරසිංහ (මූවර්ස්), දිනේෂ් චන්දිමාල් (යුද හමුදාව), මහේල උඩවත්ත (එන්.සී.සී), ප්‍රිමෝෂ් පෙරේරා (ලන්කන්) සහ මදුරංග ද සොයිසා (පොලිස්) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

 

සැරසන්ස් පිලට ලකුණු 5 ක ජයක්

ද්‍රවිඩ සංගමය සහ සැරසන්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
සැරසන්ස්  - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 190
(අෂේන් බණ්ඩාර නොදැවී 101, මිලින්ද සිරිවර්ධන 54, හර්ෂ රාජපක්ෂ 25, කසුන් මධුෂංක 40/2, විමුක්ති පෙරේරා 30/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 185
(ප්‍රසන්සන ජයමාන්න 31, කමේෂ් නිර්මාල් 20, මනෝජ් සරත්චන්ද්‍ර 54, මදුක ලියනපතිරණගේ 20, සාලිය සමන් 33/3, මොහොමඞ් දිල්ෂාඞ් 42/2)

 

හලාවත මේරියන්ස් පිලට ලකුණු 38 ක ජයක්

හලාවත මේරියන්ස් සහ මීගමුව කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 133
(පුලින තරංග නොදැවී 47, රුමේෂ් බුද්ධික 25, මාධව වර්ණපුර 13/2, සහන් අදීෂ 28/2)
මීගමුව - ඕවර 19 කදී සියලුදෙනා දැවී 95
(පසිඳු ලක්ෂංක 40, අසිත ප්‍රනාන්දු 08/6, නිමේෂ් විමුක්ති 23/2)

 

කළුතර නාගරික පිලට කඩුලු 5 ක ජයක්

කුරුණෑගල යොවුන් සහ කළුතර නාගරික කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

කුරුණෑගල යොවුන් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 124
(මාලිංග මාලිගස්පේ 26, තරින්ද විජේසිංහ නොදැවී 39, රංදීර රණසිංහ නොදැවී 20, ඉන්සක සිරිවර්ධන 17/2, ඉෂාන් අබේසේකර 21/2)
කළුතර නාගරික - ඕවර 18.4 කදී කඩුලු 5 ක් දැවී 125
(අනුෂ්ක පෙරේරා 48)

 

කෝල්ට්ස් පිලට කඩුලු 5 ක ජයක්

යුනිචෙලා සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

යුනිචෙලා - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී 63
(ප්‍රභාත් ජයසූරිය 07/2, නිපුන් රංසික 08/2, නිසල තාරක 18/2)
කෝල්ට්ස් - ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී 64
(සංගීත් කුරේ 21, විශාද් රංදික නොදැවී 20, ධනුෂ්ක රණසිංහ 11/2)

 

රාගම පිලට කඩුලු 5 ක ජයක්

බී.ආර්.සී සහ රාගම කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 108
(හෂේන් රාමනායක 40, අමිල අපෝන්සු 07/3, ඉෂාන් ජයරත්න 20/2)
රාගම - ඕවර 17.4 කදී කඩුලු 5 ක් දැවී 109
(නිෂාන් ප්‍රනාන්දු 33, උදාර ජයසුන්දර 25, ඉෂාන් ජයරත්න 23, කෙවින් කොත්තිගොඩ 16/2)

 

බදුරලිය පිලට ලකුණු 46 ක ජයක්

බදුරලිය සහ මූවර්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

බදුරලිය  - ඕවර 20 කදී සියලුදෙනා දැවී 158
(යශෝධ ලංකා 22, ළහිරු සමරකෝන් 23, ළහිරු මිලන්ත 26, දුශාන් හේමන්ත 33, දමිත් පෙරේරා 22, රමේෂ් මෙන්ඩිස් 17/4, අනුක් ප්‍රනාන්දු 18/2)
මූවර්ස්  - ඕවර 18.1 කදී සියලුදෙනා දැවී 112
(චරිත කුමාරසිංහ 53, බුද්ධික සංජීව 27/3, මලිත් ද සිල්වා 17/2)

 

යුද හමුදාවට ලකුණු 32 ක ජයක්

යුධ හමුදා සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
යුද හමුදාව - ඕවර 19.2 කදී සියලුදෙනා දැවී 152
(දිනේෂ් චන්දිමාල් 51, තුලින ඩිල්ශාන් 20, මහේෂ් කුමාර 23, ලසඳ රුක්මාල් 31/5, අසංක ලක්ෂාන් 21/2, අරවින්ද ප්‍රේමරත්න 24/2)
ගුවන් හමුදාව - ඕවර 20 කදී සියලුදෙනා දැවී 120
(චාමර ප්‍රනාන්දු 45, තුලින ඩිල්ශාන් 03/3, දුශාන් විමුක්ති 10/2)

 

ගාල්ලට කඩුලු 5 ක ජයක්

ගාල්ල සහ පානදුර කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
පානදුර  - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 127
(විශ්ව චතුරංග 28, උමේෂ් කරුණාරත්න 26, සංජික රිද්ම 38, මිතුන් ජයවික්‍රම 22/2)
ගාල්ල  - ඕවර 19.1 කදී කඩුලු 5 ක් දැවී 128
(මංසූර් අජ්මාඞ් 29, නිමේෂ් පෙරේරා නොදැවී 66)

 

සී.සී.සී පිලට ලකුණු 30 ක ජයක්

සී.සී.සී සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 143
(අෂාන් ප්‍රියංජන් 20, රොන් චන්ද්‍රගුප්ත 20, ලසිත් අබේරත්න නොදැවී 50, සුපුන් කාවින්ද 15/3, රජීව වීරසිංහ 25/2)
වරාය අධිකාරිය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 113
(යොහාන් ද සිල්වා 46, ගයාන් මනීෂාන් නොදැවී 25, නුවන් තුෂාර 19/3, ළහිරු ගමගේ 25/2, මාලින්ද පුෂ්පකුමාර 26/2)

 

එන්.සී.සී පිලට කඩුලු 7 ක ජයක්

එන්.සී.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී  - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 122
(චරිත් අසලංක 34, සචිත්‍ර සේනානායක 39, සචින්ත පිරිස් 13/2, චාමික ගුණසේකර 20/2, චතුරංග ද සිල්වා 20/2, රවිඳු තිලකරත්න 41/2)
එන්.සී.සී  - ඕවර 18.5 කදී කඩුලු 3 ක් දැවී 123
(මහේල උඩවත්ත නොදැවී 69, ඇන්ජලෝ පෙරේරා 43)

 

ලන්කන් පිලට ලකුණු 17 ක ජයක්

ලන්කන් සහ නුගේගොඩ කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
ලන්කන්  - ඕවර 20 කදී සියලුදෙනා දැවී 136
(ප්‍රිමෝෂ් පෙරේරා 54, දමිත සිල්වා 45, චන්දුල වීරරත්න 26/4, මතීෂ පෙරේරා 16/2)
නුගේගොඩ  - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 119
(ප්‍රමුද් හෙට්ටිවත්ත 47, දෙනුවන් රාජකරුණා නොදැවී 22)

 

පොලිස් පිලට ලකුණු 61 ක ජයක්

පොලීසිය සහ නාවික හමුදා කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
පොලීසිය  - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 172
(ලක්ෂාන් රොඩි්‍රගූ 32, මදුරංග ද සොයිසා නොදැවී 68, සුපුන් මධුශංක 52, සවිඳු පිරීස් 31/2)
නාවික හමුදාව  - ඕවර 19 කදී සියලුදෙනා දැවී 111
(සමිත රංග 25, සුපුන් මධුශංක 15/3, ළහිරු දියන්ත 08/2, අසෙල් සිගේරා 16/2)

...


අදහස් (0)

අෂේන්ගේ ශතකය සැරසන්ස් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.