Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic අවසන් පූර්ව තරග දෙකටම වැස්සෙන් බාධා
අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලිය

අවසන් පූර්ව තරග දෙකටම වැස්සෙන් බාධා

editorial - 2021 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් සමාජ සීමිත  ඕවර තරගාවලියේ අවසන් පූර්ව තරග අද (28 වැනිදා) පැවැත්වුවද වර්ෂාව හේතුවෙන් තරග දෙකම අතරමඟ නතර කිරීමට සිදුවිය. ඒ අනුව අතිරේක දිනයක් වූ හෙට (29 වැනිදා) දිනයේදී මෙම තරග දෙකම අද දිනයේ තරග නතර කළ තැන සිට ආරම්භ වනු ඇත.

පළමු අවසන් පූර්ව තරගය මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනූ යුදහමුදා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ද්‍රවිඩ සංගම් පිලට ආරාධනා කළේය.  ඕවර 50 අවසානයේ සියලූදෙනා දැවී ද්‍රවිඩ සංගම් පිලට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 242 ක් පමණි. ද්‍රවිඩ සංගම් පිලේ ඉනිම අවසන් වීමෙන් පසුව මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයට වර්ෂාව පතිත වූ අතර යළිත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

සධීර සමරවික‍්‍රම පන්දු 85 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 49 ක් රැුස්කර සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය. දැවී යනවිට පන්දු 55 කට මුහුණ දී සිටි ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. සන්තුෂ් ගුණතිලක ලකුණු 37 ක්, ශිරාන් ප‍්‍රනාන්දු ලකුණු 23 ක් සහ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 20 ක් ලබාගනිමින් ද්‍රවිඩ සංගම් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

හේෂාන් හෙට්ටිආරච්චි කඩුලූ 3 ක් ද, සීකුගේ ප‍්‍රසන්න සහ සුමින්ද ලක්ෂාන් කඩුලූ 2 බැගින් දවාගනිමින් ද්‍රවිඩ සංගම් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ. ලකුණු 243 ක ඉලක්කයක් හඹා යෑම සඳහා යුදහමුදා පිල හෙට දිනයේදී පිටියට පිවිසෙනු ඇත.

දෙවැනි අවසන් පූර්ව තරගය දොඹගොඩ යුදහමුදා ක‍්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භ වූ අතර පෙරදින පැවැති වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ හෙයින් ඉනිමක්  ඕවර 49 කට සීමාවිය.

කාසිවේ වාසිය දිනාගත් එන්.සී.සී. පිල පළමුව පන්දුවට පහරදීම සඳහා රාගම පිලට ආරාධනා කළ අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට  ඕවර 31 කදී කඩුලූ 5 ක් දැවී ඔවුන් රැස්කර සිටියේ ලකුණු 114 ක් පමණි.

ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 78 කදී හතරේ පහරක් සමගින් ලකුණු 41 ක් සහ ඉෂාන් ජයරත්න ලකුණු 7 ක් රැුස්කරමින් තරගය නතර කරනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ජනිත් ලියනගේ ලකුණු 26 ක් සහ අවිශ්ක තරිඳු ලකුණු 21 ක් ලබාගැනීමට සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සචිඳු කොළඹගේ  ඕවර 8 ක් යවමින් එක් නිලකුණු  ඕවරයක් සමගින් ලකුණු 26 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය. අද තරගය නතර කළ තැන සිට රාගම පිල නැවතත් හෙට දිනයේදී පන්දුවට පහරදීමට පැමිණෙනු ඇත.


ද්‍රවිඩ සංගමය සහ යුදහමුදා කණ්ඩායම් අතර මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය -  ඕවර 50 කදී සියලූදෙනා දැවී 242
(නවෝද් පරණවිතාන 49, සුපුන් කාවින්ද 21, සධීර සමරවික‍්‍රම 50, සංතුෂ් ගුණතිලක 37, ශිරාන් ප‍්‍රනාන්දු 23, ජෙෆ්රි වැන්ඩසේ 20, හේෂාන් හෙට්ටිආරච්චි 42/3, සීකුගේ ප‍්‍රසන්න 39/2, සුමින්ද ලක්ෂාන් 46/2*


රාගම සහ එන්.සී.සී. කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක‍්‍රීඩාංගණයේදී
රාගම -  ඕවර 31 කදී කඩුලූ 5 ක් දැවී 114
(නිශාන් මදුෂ්ක නොදැවී 41, ජනිත් ලියනගේ 26, අවිශ්ක තරි`දු 21, සචිඳු කොළඹගේ 26/3)

 


අදහස් (0)

අවසන් පූර්ව තරග දෙකටම වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.