Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 28 වැනිදා පැවැත්වේ.
මූලික වටයේ තරග කාණ්ඩ 4 ක් යටතේ පැවැති අතර ඒ ඒ කාණ්ඩයන්ගෙන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී, යුදහමුදාව, එන්.සී.සී, හලාවත මේරියන්ස්, පානදුර, සැරසන්ස්, ගුවන් හමුදාව සහ ද්‍රවිඩ සංගම් පිල ඇතුළු කණ්ඩායම් සමත්විය.
ප්‍රබල පිතිකරුවන් රැසක්ම එස්.එස්.සී පිල නියෝජනය කරන අතර තරග 4 ක ඉනිම තුනකදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 237 ක් රැස්කරමින් මේ වනවිට තරගාවලියේදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවැනි තැන ලබාගැනීමට චරිත අසලංක සමත්වී ඇත. සඳුන් වීරක්කොඩි සහ සම්මු අශාන් එස්.එස්.සී පිල නියෝජනය කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ සෙසු පිතිකරුවෝ වෙති. මූලික වටයේ තරගයකදී බී.ආර්.සී පිලට එරෙහිව පන්දු 39 කදී ශතකයක් ලබාගැනීමටද සඳුන් වීරක්කොඩි සමත්විය.
කඩුලු 11 ක් දවාගනිමින් තරගාවලිය තුල වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය ලබාගැනීමට එස්.එස්.සී පිලේ තරිඳු රත්නායක සමත්වී ඇත. සචිත්‍ර සේනානායක, ධම්මික ගුණිතිලක සහ ජෙෆ්රි වැන්ඩසේ, නුවන් ප්‍රදීප් වැනි ජාත්‍යන්තර තලය නියෝජනය කළ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන්ගේ එස්.එස්.සී පිල පරිපූර්ණ වේ.
බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කළ කිරන් පවෙල් මෙවර සීමිත ඕවර ආරාධිත ක්‍රිකට් තරගාවලියේදී ද්‍රවිඩ සංගම් පිල වෙනුවෙන් ක්‍රීඩාකරමින් පිත්තෙන් දස්කම් දක්වමින් සිටී. තරග 4 කදී ලකුණු 204 ක් ලබාගෙන ඇති පවෙල් ද්‍රවිඩ සංගම් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවටද පත්වී ඇත. විමුක්ති පෙරේරා කඩුලු 10 ක් ලබාගනිමින් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන අතර ද්‍රවිඩ සංගම් පිල ශක්තිමත් කිරීමට තරංග පරණවිතාන, කිත්රුවන් පෙරේරා වැනි ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයෝ සිටිති.
එන්.සී.සී පිල නියෝජනය කරන ඇන්ජලෝ පෙරේරා (301) සහ උපුල් තරංග (244) මෙවර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පිළිවෙලින් පළමු සහ දෙවැනි ස්ථානයන්හී රැඳී සිටිති. ඊට අමතරව ලකුණු 200 සීමාව පසුකරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට ළහිරු උදාර (213) සහ මහේල උඩවත්ත (209) සමත්වූහ. සචිඳු කොළඹගේ සහ චාමික කරුණාරත්න කඩුලු 11 බැගින් දවාගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙති.
සැරසන්ස් පිලේ මිලින්ද සිරිවර්ධන ලකුණු 143 ක් ලබාගනිමින් තම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇති අතර සෙසු පිතිකරුවන්ගෙන් වැඩි සාර්ථකත්වයක් දක්නට නොලැබේ. පන්දු යවන්නන්ගෙන්ද වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් නොකලද අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ඔවුන්ව අවතක්සේරී කිරීමට නොහැක.
කෂීෆ් නවීඞ්, රාජු ගයාෂාන් සහ මින්හාජ් ජලීල් මෙවර තරගාවලියේදී පානදුර පිල වෙනුවෙන් ලකුණු 100 සීමාව පසුකළ පිතිකරුවෝ වෙති. කඩුලු 9 ක් දවාගෙන ඇති චලන ද සිල්වා පානදුර පිලේ පන්දුයවන්නන් අතර පෙරමුණේ පසුවන්නේය.
හලාවත් මේරියන්ස් පිල නියෝජනය කරන ලසිත් කෲස්පුල්ලේ ලකුණු අතර සිටින ප්‍රබල පිතිකරුවෙකි. වේගයෙන් ලකුණු රැස්කිරීමේ හැකියාව ඇති කෲස්පුල්ලේ මෙවර තරගාවලියේ තරග 5 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 229 ක් රැස්කර ඇත. ඊට අමතරව පුලින තරංග සහ ෂෙහාන් ජයසූරිය මේරියන්ස් පිල පිත්තෙන් ශක්තිමත් කරති. ප්‍රබල පිතිකරුවන්ට තරජනයක් වෙමින් කඩුලු 13 ක් දවාගත් කමිඳු මෙන්ඩිස් මෙවර තරගාවලියේදී දැනට වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වී ඇත. චතුරංග කුමාර සහ අරුන් මෙලායිල් කඩුඩු 8 බැගින් දවාගනිමින් මේරියන්ස් පිල පන්දුවෙන් ශක්තිමත් කරති.
සුමින්ද ලක්ෂාන් සහ උදයවංශ පරාක්‍රම ලකුණු 100 සීමාව පසුකරමින් ගුවන් හමුදා පිතිකරුවන් අතර පෙරමුණෙු පසුවන අතර රවිඳු සෙම්බුකුට්ටිගේ කඩුලු 7 ක් දවාගනිමින් පන්දුයවන්නන් අතර පෙරමුණේ පසුවන්නේය.
තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන දුෂාන් විමුක්ති තරග 4 කදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 224 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කඩුලු 6 ක් ද දවාගැනීමට සමත්විය. අසේල ගුණරත්න සහ ලක්ෂාන් එදිරිසිංහ යුද හමුදා පිල ශක්තිමත් කරන සෙසු පිතිකරුවෝ වෙති. හේෂාන් හෙට්ආරච්චී කඩුලු 7 ක් සහ ළහිරු විජේතුංග කඩුලු 6 ක් දවාගනිමින් යුද හමුදා පිලේ පන්දු බලඇණිය ශක්තිමත් කරති.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මෙම මස 29 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදීත්, දෙවැනි අවසන් පූර්ව තරගය එදිනම එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතව ඇත.
අවසන් මහ තරගය 31 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැලැස්ම
■ එස්.එස්.සී සහ ද්‍රවිඩ සංගම් පිල අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
■ එන්.සී.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
■ පානදුර සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
■ ගුවන් හමුදාව සහ යුදහමුදා කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.