Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic මේරියන්ස් පිල ශූරතාව දිනාගනී

මේරියන්ස් පිල ශූරතාව දිනාගනී

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ සීමිත ඕවර ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අද (31 වැනිදා) සමත් විය. එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 91 ක ජයක් වාර්තා කරමින් මේරියන්ස් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 296 ක ඉලක්කයක් හඹාගිය එන්.සී.සී. කණ්ඩායමට ෂෙහාන් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් ප්‍රමුඛ මේරියන්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජයසූරිය සහ මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිඳ හෙළුහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 85 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පැතුම් නිස්සංක (38) සහ ළහිරු උදාර (50) එන්.සී.සී. කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 49 කදී වාර්තා වූ උදාරගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 65 කදී වාර්තා වූ නිස්සංකගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය.

පුලින තරංගගේ පන්දුවක් හමුවේ නිස්සංක කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර ඉන් අනතුරුව උදාර සමග එක්වූ නිමේෂ ගුණසිංහ (24) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. කෙසේ වුවත් මුලු ලකුණු සංඛ්‍යාව 121 ක් වන විට ඔවුන් දෙදෙනාම දැවී යෑමත් සමග එන්.සී.සී. කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ විය.

එම කඩුලු 2 ක් සමග ලකුණු 4 ක් තුළ කඩුලු 5 ක් බිඳ වැටීම එන්.සී.සී. කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ම බලපෑවේය. එන්.සී.සී. ඉනිමේ 29 වැනි ඕවරය යැවූ ෂෙහාන් ජයසූරිය එහි තෙවැනි සහ සිවුවැනි පන්දුවලදී ඇන්ජලෝ පෙරේරා (1) සහ චතුරංග ද සිල්වා (0) දවාගත් අතර 30 වැනි ඕවරයේ පළමු පන්දුවේදී මහේල උඩවත්තද දවාගනිමින් එන්.සී.සී. කණ්ඩායම දැඩි අසීරු තත්වයකට ඇද දැමීමට කමිඳු මෙන්ඩිස් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මේරියන්ස් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 295 ක් ලබාගත් අතර එහිදී සිය කණ්ඩායමට සාර්ථක ආම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරු සුමිත් ඝදිගඕන්කර් සමත් වූයේ පන්දු 77 කදී හතරේ පහර 14 ක් සමග ලකුණු 79 ක් රැස්කරමිනි. ලසිත් කෘස්පුල්ලේ (21) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සුමිත් සමත් විය.

ඉන් නොනැවතුණ සුමිත්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් (40) සමග එක්ව පන්දු 78 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක්ද ගොඩනැගවේය. මේරියන්ස් කණ්ඩයම වෙනුවෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 100 ක් රැස්කළ සුමිත්, අවසන් පූර්ව තරගයේදී ලකුණු 99 ක්ද රැස්කරමින් දිගින් දිගටම ලකුණු අතර සිටියේය.  

පන්දු 70 කට මුහුණදුන් මෙන්ඩිස් ලකුණු රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. මේරියන්ස් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රුමේෂ් බුද්ධික පන්දු 71 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 60 ක් රැස්කළ අතර තික්ෂිල ද සිල්වා පන්දු 36 කදී වේගවත් ලකුණු 47 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

මේරියන්ස් කණ්ඩායම
ලසිත් කෘස්පුල්ලේ - ප.ගුණසේකර    21
සුමිත් ඝදිගඕන්කර් - ඇ.උඩවත්ත ප.ආරච්චිගේ    79
කමිඳු මෙන්ඩිස්     -  ප.ගුණසිංහ     44
රුමේෂ් බුද්ධික     -   නොදැවී     60
ෂෙහාන් ජයසූරිය   -   ස්ට.උදාර ප.කොළඹගේ    3
තික්ෂිල ද සිල්වා    - ඇ.උදාර ප.ගුණසේකර     47
පුලින තරංග          - දුවද්දී දැවී ගියා     6
නිමේෂ් විමුක්ති      - ඇ.පෙරේරා ප.ගුණරත්න    1
ඉරෝෂ ප්‍රනාන්දු     - දුවද්දී දැවී ගියා     6
චතුරංග කුමාර       - නොදැවී     16

අතිරේක      12
එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී     295
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා :
අසිත ප්‍රනාන්දු

කඩුලු වැටීම :
1-63 (කෘස්පුල්ලේ), 2-128 (ඝදිගඕන්කර්), 3-171 (කමිඳු), 4-178 (ජයසූරිය), 5-247 (තික්ෂිල), 6-255 (තරංග), 7-259 (විමුක්ති), 8-278 (ඉරෝෂ්)

පන්දු යැවීම :
ඩිලේෂ් ගුණරත්න 6-0-38-1, චාමික කරුණාරත්න 4-0-28-0, චතුරංග ද සිල්වා 5-0-34-0, චාමික ගුණසේකර 8-0-67-2, සචිඳු කොළඹගේ 9-0-40-1, සහන් ආරච්චිගේ 8-0-32-1, නිමේෂ ගුණසිංහ 9-0-46-1, මහේල උඩවත්ත 1-0-4-0

එන්.සී.සී. කණ්ඩායම
පැතුම් නිස්සංක - ක.මු. කළා ප.තරංග     38
ළහිරු උදාර - ඇ. සහ ප.විමුක්ති     50
නිමේෂ ගුණසිංහ - ඇ. සහ ප.ජයසූරිය     24
මහේල උඩවත්ත - ඇ.ඉරෝෂ් ප.කමිඳු    3
ඇන්ජලෝ පෙරේරා - ඇ.ඉරෝෂ් ප.ජයසූරිය    1
චතුරංග ද සිල්වා - ප.ජයසූරිය    0
සහන් ආරච්චිගේ - ඇ. සහ ප.තික්ෂිල    6
චාමික කරුණාරත්න - ඇ.ජයසූරිය ප.අසිත     32
සචිඳු කොළඹගේ - ක.මු. කළා ප.කමිඳු     15
චාමික ගුණසේකර - නොදැවී     24
ඩිලේෂ් ගුණරත්න - නොදැවී     0

අතිරේක      11
එකතුව ඕවර 43.3 කදී සියලු දෙනා දැවී     204

කඩුලු වැටීම :
1-70(උදාර), 2-119 (නිස්සංක), 3-121 (ගුණසිංහ), 4-123 (ඇන්ජලෝ), 5-123 (චතුරංග), 6-123 (උඩවත්ත), 7-154 (ආරච්චිගේ), 8-167 (කරුණාරත්න), 9-194 (කොළඹගේ), 10-204 (ගුණරත්න)

පන්දු යැවීම :
අසිත ප්‍රනාන්දු 6-1-25-1, චතුරංග කුමාර 2-0-13-0, නිමේෂ විමුක්ති 10-1-49-1, තික්ෂිල ද සිල්වා 7-0-34-1, ෂෙහාන් ජයසූරිය 6-0-38-3, පුලින තරංග 5-1-13-1, කමිඳු මෙන්ඩිස් 7.3-0-32-3


අදහස් (0)

මේරියන්ස් පිල ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.