Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic මේරියන්ස් පිල අවසන් මහ තරගයට

මේරියන්ස් පිල අවසන් මහ තරගයට

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අද (29 වැනිදා) සමත් විය. ඒ අවසන් පූර්ව වටයේදී එස්.එස්.සී. කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 278 ක ඉලක්කයක් හඹාගිය මේරියන්ස් කණ්ඩායම ඕවර 46.4 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී අගනා පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු සුමිත් ඝදිගඕන්කර් පන්දු 111 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 99 ක් ලබා සිටියදී හිමේෂ් රාමනාකයගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී ගියේය.  

ලකුණු 65 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ෂෙහාන් ජයසූරිය සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 113 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සුමිත් සමත් විය. පන්දු 52 කදී වාර්තා වූ ජයසූරියගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
 
මුලු ලකුණු සංඛ්‍යාව 238 ක් වන විට මේරියන්ස් කණ්ඩායමේ 7 වැනි කඩුල්ලත් බිඳවැටුණ අතර එතැන් පටන් අටවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 41 ක නොබිඳණ සම්බන්ධතාවක් ගොඩනැගූ නිමේෂ් විමුක්ති (නොදැවී 20) සහ චතුරංග කුමාර (නොදැවී 16) මේරියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ධම්මික ප්‍රසාද් ලකුණු 62 කට කඩුලු 3 ක්ද, හිමේෂ් රාමනායක ලකුණු 48 කට කඩුලු 2 ක්ද දවාගත් නමුත් සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එස්.එස්.සී. කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 277 ක් ලබාගත් අතර එන්.සී.සී. ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත්වූ සචිත්‍ර සේනානායක පන්දු 88 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 86 ක් රැස්කළේය.

සම්මු අෂාන් (නොදැවී 71) සමග එක්ව එස්.එස්.සී. ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සචිත්‍ර සමත් විය. පන්දු 78 කට මුහුණ දෙමින් ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටි සම්මුගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

දිමුත් කරුණාරත්න (14) සහ සඳුන් වීරක්කොඩි (57) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එස්.එස්.සී. කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර පන්දු 47 කදී වාර්තා වූ වීරක්කොඩිගේ අර්ධ ශතකයට හතරේ පහර 11 ක් අන්තර්ගත විය.


එස්.එස්.සී. පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 277
(දිමුත් කරුණාරත්න 14, සඳුන් වීරක්කොඩි 57, සචිත්‍ර සේනානායක 86, චරිත් අසලංක 16, සම්මු අෂාන් නොදැවී 71, ෂෙහාන් ජයසූරිය 20/2, තික්ෂිල ද සිල්වා 51/2)

මේරියන්ස් පිල - ඕවර 46.4 කදී කඩුලු 7 ක් දැවී 279
(ලසිත් කෘස්පුල්ලේ 16, සුමිත් ඝදිගඕන්කර් 99, ෂෙහාන් ජයසූරිය 57, තික්ෂිල ද සිල්වා 31, නිමේෂ් විමුක්ති නොදැවී 20, චතුරංග කුමාර නොදැවී 16, ධම්මික ප්‍රසාද් 37/3, හිමේෂ් රාමනායක 48/2)

 


අදහස් (0)

මේරියන්ස් පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.