
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි-20 ලීගයේ 11 වැනි තරගය ලෙස අබුඩාබි නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ එම්.අයි. එමිරේට්ස් කණ්ඩායම අතර අබුඩාබි නුවරදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට එම්.අයි. එමිරේට්ස් කණ්ඩායම සමත් විය. එමිරේට්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් එහිදී තරගයේ වීරයා බවට පත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹාගිය එමිරේට්ස් ක්‍රීඩකයෝ ඕවර 13.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝ, පන්දු 38 කදී හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 49 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 7 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 10 ක් රැස්කළ කමිඳු, හයේ පහරකින් එමිරේට්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
ලකුණු 46 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී ටොම් බැන්ටන් (29) සමග එක්ව එමිරේට්ස් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බෙයාස්ටෝ සමත් විය. පන්දු 20 කදී වාර්තා වූ බැන්ටන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. මුහම්මද් වසීම් පන්දු 12 කින් ලකුණු 27 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් අබුඩාබි නයිට්රයිඩර්ස් කණ්ඩායමට එමිරේට්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 122 ක් පමණි. එහිදී ෆසාල්හක් ෆරූකි ඕවර 4 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගත් අතර කමිඳු මෙන්ඩිස් ඕවර 3 ක් යවා ලකුණු 21 කට කඩුලු 3 ක් බිඳහෙළමින් උඩ පන්දුවක් රැක ගැනීමටද සමත් විය.
අබුඩාබි නයිට්රයිඩර්ස් පිල - ඕවර 19.3 කදී සියලු දෙනා 122
(පිල්ප් සෝල්ට් 17, බ්‍රෙන්ඩන් මැක්මුලන් 15, අලීෂාන් ශරාෆු 38, සුනිල් නරේන් 26, ෆසාල්හක් ෆරූකි 14/4, කමිඳු මෙන්ඩිස් 21/3)
එම්.අයි. එමිරේට්ස් පිල - ඕවර 13.5 කදී කඩුලු 3 ක් දැවී 123
(මුහම්මද් වසීම් 27, ජොනී බෙයාස්ටෝ නොදැවී 49, ටොම් බැන්ටන් 29)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.