Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic අන්තර් සමාජ වි-20 තරග හෙට සිට

අන්තර් සමාජ වි-20 තරග හෙට සිට

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට (4 වැනිදා) සිට ආරම්භ කිරීමට නියමිතය.

අවසන් වරට පැවැති අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මූවර්ස් පිල සමත්වූ අතර එහි අනුශූරතාව එන්.සී.සී. පිලට හිමිවිය. සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩා සමාජ 26 ක් තරග වදිති. ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වන අතර ‘බී’ සහ ‘ඩී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 5 බැගින් ඇතුළත් වේ.

ඒ ඒ කාණ්ඩයන්හි මූලික වටයේ තරග වලින් ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

මූලික වටයේ තරග 4 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග 17 වැනිදා පී.සරවනමුත්තු සහ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ. අවසන් පූර්ව තරග 29 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය 31 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෙවැනි පෙළ තරගාවලිය වන ආණ්ඩුකාර කුසලාන තරගාවලියේදී ශූරතාව දිනාගත් යුනිචෙලා කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා පළමු වරට සහභාගී වන්නේය.


අදහස් (0)

අන්තර් සමාජ වි-20 තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.