Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby සී. ආර්. පිලට 19-17 ක තියුණු ජයක්

සී. ආර්. පිලට 19-17 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හත්වැනි සහ අවසන් සතිය යටතේ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ ගුවන් හමුදා පිල අතර ලොන්ඩන් පෙදෙසේදී අද (27) පැවැති තරගයෙන් සී. ආර්. පිල ලකුණු 19-17 ක තියුණු ජයක් ලැබීය.

ජයග‍්‍රාහි සී. ආර්. පිල උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය. ගුවන් හමුදා පිලට ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

මෙම තරගය ආරම්භයේ සිට තියුණු එකක් වූ අතර ඒ හේතුවෙන් සී. ආර්. පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 11-10 ක් ලකුණකින් පමණක් ඉදිරියෙන් සිටියේය.

 

 


අදහස් (0)

සී. ආර්. පිලට 19-17 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.