සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ පොලිස් පිල අතර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (12) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගයෙන් සී. ආර්. පිල ලකුණු 22-12 ක ජයක් ලැබීමට සමත් විය.
ජයග‍්‍රාහි සී. ආර්. පිල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කළේය. පොලිස් පිල ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.
ඉෂාන් නූර්ගේ නායකත්වයෙන් යුත් සී. ආර්. පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-12 ක් ලෙස පෙරමුණේ පසු විය. සී. ආර්. ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් එකතු කරමින් ජයග‍්‍රාහි ලෙස පෙරමුණට පැමිණියේය.
කාංචන රාමනායක, කවිදු ද කොස්තා සහ අරුන් කුමාර්, සී. ආර්. පිල වෙනුවෙන් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. කාංචන රාමනායක ගෝල ප‍්‍රවර්ථන දෙක සහ දඩුවම් පහර සාර්ථක කරමින් අතිරේක ලකුණු 7 ක් තම පිලට එකතු කළේය.
බිලාල් හසන්, පොලිස් පිල වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකම සම්පූර්ණ කළේය. රීසා මුබාරක් ගෝල ප‍්‍රවර්ථනයක් සාර්ථක කළේය.
ඡායාරූප - වරුණ කරුණාසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.