ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන සීමිත ඕවර තරගාවලියේ ඉතිරි කොටසින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිට සිදුවී තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී උඩපදුවක් රැකගැනීමට ගත් උත්සාහයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් සංචාරක පිලේ නායකයාට තරගාවලියේ ඉතිරි කොටස අහිමි වී තිබේ.
දකුණු අප්‍රිකානු සංචාරයේදී තවත් එක්දින තරග දෙකක් සහ විස්සයි-20 තරගයක් ඉතිරිව තිබේ. සිව්වැනි එක්දින තරගය හෙට (8 වැනිදා) පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිය දකුණු උරහිසේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා තිබිණ. ශ්‍රී ලංකා ඉනිමේ 10 වැනි ඕවරයේදී තිසර පෙරේරාගේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී දකුණු අප්‍රිකානු නායකයා ඔහුගේ ආබාධය පැවැති උරහිස මතම ඇදවැටීම නිසා අපහසුතාවට පත්විය. ඒ සමගම ඔහු ආපසු ක්‍රීඩාගාරයට ගිය නමුත් නැවත පිටියට නොපැමිණියේය.
“ඔහුට නැවතත් ප්‍රකෘති තත්ත්වයට පැමිණීමට සති හයක පමණ කාලයක් ගතවේවි” යයි දකුණු අප්‍රිකානු කළමණාකරු මොහොමඞ් මුසාජි මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවිණ.
පල්ලෙකැළේදී පසුගිය ඉරිදා (5 වැනිදා) පැවැති තරගය ජයගැනීමත් සමග තරග 5 කින් සමන්විත තරගාවලියේදී 3-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු පිල සමත් වී තිබේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන විස්සයි-20 තරගය සඳහාද ෆෆ් ඩු ප්ලෙසිගේ සේවය නොලැබෙනු ඇත.
ඡායාරූපය : ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.