Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සාග් පදක්කම් 52 ක්ම යුද හමුදාවෙන්

සාග් පදක්කම් 52 ක්ම යුද හමුදාවෙන්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දෙවැනි ස්ථානය ලැබු ශ‍්‍රී ලංකාව හිමිකර ගත් පදක්කම් 186 න් පදක්කම් 52 ක්ම යුද හමුදාව නියෝජනය කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දිනාගත්හ. යුද හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රන් පදක්කම් පහක්, රිදී පදක්කම් 21 ක් සහ ලෝකඩ පදක්කම් 28 ක් දිනාගෙන තිබේ.

සාග් ක‍්‍රීඩා උළෙලේ මෙලෙස පදක්කම් දිනාගනිමින් දස්කම් පෑ යුද හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අගැයීමේ උත්සවයක් යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (සෙනසුරාදා) උදෑසන නාරහේන්පිට යුද හමුදා පොලිස් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ.

ක‍්‍රීඩා උළෙලේදී යුද හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිනා ඇති රන් පදක්කම් පහම මලල ක‍්‍රීඩා ඉසව්වන්ගෙනි. දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වෙමින් මීටර 100 පිරිමි ඉසව්ව ජයගත් හිමාෂ ඒෂාන් යුද හමුදාව නියෝජනය කරන ක‍්‍රීඩකයෙකි.

ඒෂාන් සමඟ මීටර 100X4 සහය දිවීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගත් ෂෙහාන් අඹේපිටිය සහ මොහොමඞ් අෂ්රාෆුල්, විනෝජ් සුරංජය සිල්වා වන ක‍්‍රීඩකයෝ තිදෙනාම යුද හමුදා සාමාජිකයෝ වෙති.

මීටර 100X4 සහය දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් ලක්‍ෂිකා සුගන්ධි සහ එස්. එස්. ජයතිලකද යුද හමුදාවේ ක‍්‍රීඩිකාවෝය.  මීටර 800 රන් පදක්කම් ලාභී ඉදුනිල් හේරත් මෙන්ම මිටර 200 ඉසව්ව ජයගත් විනෝජ් සුරංජය සිල්වා ශ‍්‍රී ලංකාවට රන් පදක්කම් හිමිකර දුන් තවත් යුද හමුදා ක‍්‍රීඩකයෝ දෙදෙනෙකි.

උත්සවයේදී පදක්කම් ලාභී යුද හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා මුදල් ත්‍යාග පිරිනැමීම සිදුකෙරිණ. රන් පදක්කම් ලාභී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට රුපියල් 150,000 ක්ද, රිදී පදක්කමක් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රුපියල් 100,000 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රුපියල් 75,000 ක් ලෙස එම මුදල් පිරිනැමිණ.

 

 

ශී‍්‍ර ලංකා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා මහතා විසින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වන හිමාෂ ඒෂාන්ට සිහිවටනයක් පිරිනමන ලද අවස්ථාව.

 

 

 

 

 

 

 

 

සාග් පදක්කම් ලාභී යුද හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් යුද හමුදා නිල ඇඳුමෙන් සැරසී සාග් පදක්කම් පැළඳ

සාග් පදක්කම් 52 ක්ම යුද හමුදාවෙන්...

ඡායාරූප : ඉෂාන් සංජීව

 

- 090


සාග් ක්‍රීඩා උළෙලේදී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගත් පදක්කම්

තරගය  රන්  රිදී  ලෝකඩ  එකතුව
මලලක්‍රීඩා  5 6 10 21
බොක්සිං   1 1 2
හොකී   1   1
ජූඩෝ      1 1
ටයිකොන්ඩෝ    1 1 2
කබඩි      2 2
වොලිබෝල්    2   2
පිහිනුම්    3 1 4
වෙඩිතැබීම්    2 8 10
මල්ලවපොර    3   3
බර එසවීම   2 2 4
වූෂු      2 2
එකතුව  5 21 28 54

අදහස් (2)

සාග් පදක්කම් 52 ක්ම යුද හමුදාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.