Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ස්ටෝක්ස්-වෝක්ස්-කරන් තිදෙනාම එති

ස්ටෝක්ස්-වෝක්ස්-කරන් තිදෙනාම එති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්තය වෙනුවෙන් අතිශය ප්‍රබල කණ්ඩායමක් නම්කර තිබේ. මෙම කණ්ඩායමට පළපුරුදු වේග පන්දු යවන්නන් දෙදෙනකු වන ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ජේම්ස් ඇන්ඩසන් සමග ලොව සිටින විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනකු වන බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස් සහ සෑම් කරන්ද ඇතුළත්ව සිටිති.

ස්ටුවර්ට් බ්‍රෝඞ් සම්බන්ධයෙන් බොහෝ විවේචන තිබුණ නමුත් ජේම්ස් ඇන්ඩසන් සමග නව පන්දුව යොදාගැනීම සඳහා බ්‍රෝඞ් කණ්ඩායමේ රඳවාගෙන තිබේ. ග්ලෙන් මැග්‍රාත්ගේ ටෙස්ට් කඩුලු 563 වාර්තාව පසුකර ගිය ජේම්ස් ඇන්ඩසන් මේ වනවිට ලෝකයේ සිටින සාර්ථකම වේග පන්දුයවන්නා වෙයි.

විශේෂඥ පිතිකරුවන් වශයෙන් නායක ජෝ රූට්, මුයින් අලි, ජොනී බෙයාර්ස්ටෝ, රෝරි බර්න්ස් සහ ජොස් බට්ලර් එංගලන්ත පිලට ඇතුළත්ව සිටිති.

වසර 12 ක් පුරා එංගලන්ත ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ ඇලිස්ටෙයාර් කුක් ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලිය අවසානයේදී සමුගත්තේය. කුක් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවාද විය. කුක්ගෙන් හිස් වූ ස්ථානය පිරිනැමීම සඳහා මේ වසරේදී සරේ ප්‍රාන්ත පිලට නායකත්වය දෙමින් අන්තර් ප්‍රාන්ත ශූරතාවලිය සඳහා සිය කණ්ඩායම කැඳවාගෙන ගිය රෝරි බර්න්ස් වෙත එංගලන්ත තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබේ. මේ වසරේ අන්තර් ප්‍රාන්ත තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ රෝරි බර්න්ස් ලකුණු 1319 ක් ලබාගෙන ඇත්තේ ඉනිමකදී ලකුණු 69 ක සාමාන්‍යයක් පවත්වාගෙන යමිනි.

දිගින් දිගටම අසාර්ථ වූ නමුත් කීටන් ජෙනිංග්ස් තවදුරටත් ටෙස්ට් කණ්ඩායමේ රඳවාගෙන සිටින්නේ තවමත් ටෙස්ට් වරම් ලබා නැති ජෝ ඩෙන්ලිද සංචිතයට කැඳවමිනි. වෝවික්ෂයර් පිලේ ඔලී ස්ටෝන් එංගලන්ත සංචිතයේ සිටින තුන්වැනි නවකයායි.

ඔලී ස්ටෝන් පා දඟ පන්දු යවන්නෙකි. 24 හැවිරිදි ඔලී මෙවර එංගලන්ත ගිම්හානයේදී කඩුලු 37 ක් ලබාගැනීමේදී එකක් වෙනුවෙන් දී ඇත්තේ ලකුණු 12 ක් පමණි. මේ වසර මුල නවසීලන්තයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ වමතින් දඟ පන්දු යවන ජැක් ලීච්ද කණ්ඩායමට එක්ව සිටී. මුයීන් අලී සහ යෝක්ෂයර් පිලේ අදිල් රෂීඞ් එංගලන්ත පිලට එක්ව සිටින ඉදිරිපෙළ දඟ පන්දු යවන්නෝ වෙති.

ටෙස්ට් තරග 3 කින් සමන්විත තරගාවලිය ආරම්භ වන්නේ නොවැම්බර් මස 6 වැනිදාය. එසේ වුවත් ඔක්තෝබර් මස 10 වැනිදා සිට ආරම්භ වන එක්දින තරගාවලියට පූර්ව සූදානම ලබාගැනීමේ අටියෙන් එංගලන්ත පිල ලබන මස 1 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙයි. එංගලන්ත ටෙස්ට් සංචිතය ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විතය.


එංගලන්ත සංචිතය
ජෝ රූට් (නායක), මුයින් අලි, ජේම්ස් ඇන්ඩසන්, ජොනී බෙයාර්ස්ටෝ, ස්ටුවර්ට් බ්‍රෝඞ්, රෝරි බර්න්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, කීටන් ජෙනිංග්ස්, ජැක් ලීච්, ඔලී පෝප්, අදිල් රෂීඞ්, බෙන් ස්ටෝක්ස්, ඔලී ස්ටෝන් සහ ක්‍රිස් වෝක්ස්


තරග කාල සටහන
ඔක් 30-31     : ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලට එරෙහිව පුහුණු තරගය එන්.සී.සී. පිටියේදී
නොවැ 01-02     : ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලට එරෙහිව පුහුණු තරගය සී.සී.සී. පිටියේදී
නොැ 06-10    : පළමු ටෙස්ට් තරගය ගාල්ලේදී
නොවැ 14-18    : දෙවැනි ටෙස්ට් තරගය පල්ලෙකැළේදී
නොවැ 23-27    : තුන්වැනි ටෙස්ට් තරගය එස්.එස්.සී. පිටියේදී

 

ක්‍රිස් වෝක්ස්

 

බෙන් ස්ටෝක්ස්

 

සෑම් කරන්

 


අදහස් (0)

ස්ටෝක්ස්-වෝක්ස්-කරන් තිදෙනාම එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.