Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සම්පූර්ණ තරගාවලියම ජයගැනීමට එකක් මෑතින්

සම්පූර්ණ තරගාවලියම ජයගැනීමට එකක් මෑතින්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මීර්පූර්හි ශ්රී බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී හෙට (20) පැවැත්වේ. මෙම තරගය බංග්ලාදේශ වේලාවෙන් පස්වරු 1.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල පළමු තරගයෙන් ලකුණු 13 ක ජයක් ලබා 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වන අතර බංග්ලාදේශය තරගාවලිය ආරක්‍ෂා කරගැනීමට නම් හෙට තරගය ජය ලැබිය යුතුය. ශ්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජය ලැබීමට නම් මෙම තරගය ජය ලැබිය යුතුය.

මෙවර බංග්ලාදේශ සංචාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් සහ විස්සයි:20 තරගාවලි දෙකම ජයගෙන සිටින අතර එක්දින තරගාවලියත් ජයගනිමින් සම්පූර්ණ තරගාවලියම ජයග‍්‍රාහීව අවසන් කිරීමට නම් අද තරගය ජයගැනීම සෑහේ.

වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර ආබාධයකට ලක්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර කුලසේකරගෙ ස්ථානය සඳහා ධම්මික ප‍්‍රසාද් බංග්ලාදේශයේ සිටින ශී‍්‍ර ලංකා පිලට කැඳවා තිබේ.

බංග්ලාදේශ විස්සයි20 පිලේ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු වේග පන්දු යවන මෂ්රාෆි මොර්ටාෂා සහ ප‍්‍රවේගකාරි පිතිකරු තමීම් ඉක්බාල් ආබාධයන්ට ලක්ව සිටින නමුත් තමීම් ඉක්බාල් අද තරගයට ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරටත් ඉඩ ඇතැයි වාර්තා වේ.


ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අෂාන් ප‍්‍රියංජන්, සීකුගේ ප‍්‍රසන්න, ධම්මික ප‍්‍රසාද්, කිත්රුවන් විතානගේ, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා සහ සචිත‍්‍ර සේනානායක

බංග්ලාදේශ එක්දින සංචිතය:
මුෂ්ෆිකුර් රහීම් (නායක), තමීම් ඉක්බාල් (උප නායක), එනමුල් හක්, ශම්සූර් රහමන්, මොමිනුල් හක්, ශකීබ් අල් හසන්, නසීර් හොසේන්, මහුමුදුල්ලා, සොහග් ගාෂි, අර්ෆට් සනී, මෂ්රාෆි මොර්ටාෂා, රුබෙල් හොසේන්, අල් අමීන් හොසේන්, නයීම් ස්ලාම් සහ ශෆියුල් ස්ලාම්

 

- 048


අදහස් (5)

සම්පූර්ණ තරගාවලියම ජයගැනීමට එකක් මෑතින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.