Last Update  :  2024-05-19 20:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සධීර නවසීලන්තයට යයි

සධීර නවසීලන්තයට යයි

Nisanka Sandeepani - 2019 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේදී අනිද්දා (03) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා සධීර සමරවික්‍රම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබේ. නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව නැවත දිවයිනට පැමිණීම හේතුවෙන් සධීර නවසීලන්තයට යවා තිබේ. 

ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේ පන්දුවට පහර දෙමින් සිටියදී පාදයේ ආබාධයකට ලක්වීමෙන් ඇන්ජලෝ මැතිව්ස්ට මෙම සංචාරයේ ඉදිරි තරග අහිමිවිය. 

දකුණතින් පිතිත හසුරුවන ඉදිරි පෙළ පිතිකරුවකු වන 23 හැවිරිදි සධීර එක්දින ජාත්‍යන්තර තරග හයකදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර ඇති අතර එහිදී අර්ධ ශතකයක් සමගින් ලකුණු 132 ක් රැස්කර තිබේ. 

ශ්‍රී කණ්ඩායමේ නිලධාරියකු නවසීලන්තයේ සිට ‘ලංකාදීප’යට පැවසුවේ මැතිව්ස් අහිමිවීම දැඩි පාඩුවක් බවත් සදීර එම ස්ථානයට ආදේශ කළ බවයි. 

“නායක ලසිත් මාලිංග ඇතුළු සෙසු සියලුම ක්‍රීඩකයන් හොඳ හාරීරික යෝග්‍යතාවයෙන් ඉන්නවා. ඒ පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් නෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.  

 


අදහස් (0)

සධීර නවසීලන්තයට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.