Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සිම්බාබ්වේ පිල පාකිස්තානු සංචාරය අතහරී

සිම්බාබ්වේ පිල පාකිස්තානු සංචාරය අතහරී

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ක‍්‍රිකට් තරගවලට සහභාගි වීම සඳහා සුදුසු ආරක්‍ෂකාරී වටපිටාවක් පකිස්තානයේ නොමැති බැවින් සිම්බාබ්වේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ සංචාරය නොකරන බව පකිස්තාන් ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

විස්සයි විස්ස තරග දෙකක් සහ එක්දින තරග තුනකට පකිස්තානයේ සංචාරය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම කැමැත්ත පළ කර සිටියද එහි ආරක්ෂක තත්ත්වය පිළිබඳව කළ පරීක්‍ෂණයකින් අනතුරුව මෙම තරගාවලියට සහභාගි නොවීමට සිම්බාබ්වේ ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

සිම්බාබ්වේ ක‍්‍රිකට් ආයතනය වෙනුවෙන් ඇලිස්ටයාර් කැම්බල් සමග එරට ආරක්‍ෂක ප‍්‍රධානීන් පකිස්තානයේ සංචාරය කරමින් කළ නිරීක්‍ෂණයකින් පසුව මෙම තරගාවලිය නොපවැත්වීමට තීරණය කර තිබේ.

”අපි බලාපොරොත්තුවෙන් හිටියා තරග කරන්න එන්න. ඒ්ත් මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මේ අවස්ථාවේදී පකිස්තානයේ තරග කිරීම එතරම් හොඳ තත්ත්වයේ නැහැ.” යනුවෙන් ඇලිස්ටයාර් කැම්බල් පවසා තිබේ.

කෙසේ වෙතත්  පකිස්තාන් සංචාරය ඉලක්ක කරමින් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට සිම්බාබ්වේ ක‍්‍රිකට් ආයතනය කටයුතු කර තිබිණි. ඊයේ රාත‍්‍රියේදී සිම්බාබ්වේ ක‍්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ එරට ක‍්‍රීඩා නියාමන කොමිසමේ තීරණයකට අනුව බව සඳහන් වේ.

එම කොමිසම මගින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරමින් තරගාවලියට සහභාගි නොවන බව දන්වා තිබේ. සිම්බාබ්වේ සියලූම ක‍්‍රීඩා පිළිබඳව ආරක්‍ෂක වැදගත් තීන්දු තීරණ ගැනීම මෙම ක‍්‍රීඩා නියාමන කොමිසම මගින් සිදුකරන බව වාර්තා වේ.

සිම්බාබ්වේ කණ්ඩායමට උපරිම ආරක්‍ෂාවක් සහිතව ගුවන් මගින් ක‍්‍රීඩාංගණයට ගෙනවිත් තරග වැදීමේ පහසුකම් සැලසීමට පකිස්තාන් ක‍්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබිණි. විස්සයි විස්ස තරග දෙක සහ එක්දින තරග තුනක් සඳහා ඇමරිකානු ඩොලර් 500,000 කට වැඩි මුදලක් වෙන්කිරීමට පකිස්තාන් ක‍්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබූ බව සඳහන් වේ.

2009 වසරේ මාර්තු මස 3 වැනිදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එරෙහිව පකිස්තානයේ ලාහෝ නුවරදී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් පකිස්තානයේ ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගව පැවැත්වීම තහනම් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව කටයුතු කළේය.

පාකිස්තානයේ තරග කරන්නේ නම් ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමන් කිසිදු සහතිකයක් ලබා නොදෙන බවත් රටවල් දෙකේ අභිමතය පරිදි ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ඇති බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සියලූ රටවලට දන්වා තිබේ.

 


- 033


අදහස් (0)

සිම්බාබ්වේ පිල පාකිස්තානු සංචාරය අතහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.