අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විස්සයි/20 කි‍්‍රකට් ශ්‍රේණිගත ලයිස්තුවේ වාර්ෂික යාවත්කාලීන කිරීම අනුව තවදුරටත් පළමු ස්ථානය ආරක්ෂාකර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
විස්සයි/20 ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් පිලත් පකිස්ථාන කණ්ඩායමත් අතර මේ මස 27 වැනිදා කිංග්ස්ටවුන්හිදී ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් විස්සයි/20 තරගාවලියට පෙර මෙම ප‍්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීම සිදු විය.
ඉකුත් ජුනි මාසයේ ලන්ඩන් නුවරදී පැවති අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික හමුවේදී විස්සයි/20 ප‍්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීමේ කාල පරාසය වසර 3 සිට වසර 4 දක්වා දීර්ඝ කිරිමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව එකගතාව පළකර තිබේ.
එමෙන්ම අගෝස්තු 1 වැනි දිනට යොදාගෙන තිබුනු ටෙස්ට්, එක්දින හා විස්සයි/20 ප‍්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීම මැයි 1 වැනි දිනට වෙනස් කිරීමටද අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව තීරණය කර ඇත. මෙම වෙනස් කිරීම 2013 මැයි 1 වැනිදා සිට බල පැවැත්වේ.
විස්සයි/20 අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වන රටවල් 16 ක් අතුරින් රටවල් 14 ක් මෙම ශ්‍රේණිගත කිරීමට අයත්වන අතර ඇෆ්ගනිස්ථානය හා කැනඩාව මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුඵ නොවේ.
ශ්‍රේණිගත ලයිස්තුවට ඇතුඵවීමට නම් වසර 2010 අගෝස්තු මාසයේ සිට තරග 8ක් ක‍්‍රීඩා කළයුතුවේ.
විස්සයි/20 අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්
ස්ථානය (+/-) කණ්ඩායම ප‍්‍රසාද ලකුණු (+/-)
1 (-) ශ‍්‍රී ලංකාව 134 (+2)
2 (-) බ. ඉ. කොදෙව් 127 (+1)
3 (-) ඉන්දියාව 121 (+2)
4 (-) පකිස්ථානය 118 (-1)
5 (-) එංගලන්තය 113 (-1)
6 (-) දකුණු අප‍්‍රිකාව 112 (-2)
7 (-) ඕස්ටේ‍්‍රලියාව 103 (+1)
8 (-) නවසීලන්තය 102 (-1)
9 (-) අයර්ලන්තය 81 (-1)
10 (-) බංග්ලාදේශය 74 (-2)
11 (-) ස්කොට්ලන්තය 62 (-)
12 (-) නෙදර්ලන්තය 48 (-)
13 (-) සිම්බාබ්වේ 36 (-6)
14 (-) කෙන්යාව 34 (+2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.