
වයස 19 න් පහළ ‘යොවුන්’ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වන අර්ධ අවසන් පූර්ව තරගය පාකිස්තානයට එරෙහිව ලබන සෙනසුරාදා (22) සාජා ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඇෆ්ගනිස්තානය යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනේ.
පළමු වටයේ තරග අද (19 වැනිදා) අවසන් වූ අතර ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඕස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.
‘ඞී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් පිල තරග තුනම ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 6 ක් සමගින් එම කාණ්ඩයේ පළමු වැනියා බවට පත්විය. එංගලන්තය තරග දෙකක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 4 ක් සමගින් දෙවැනි ස්ථානයට පත්විය. වැඩිම තරගකාරිත්වයක් පැවැති ‘ඞී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කළ ටෙස්ට් රටක් වන නවසීලන්තයට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.
අද ‘බී’ කාණ්ඩයේ පැවැති තරග දෙකේදී ඕස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 74 ක පරාජයක් ලැබූ බංග්ලාදේශයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්ව සිටින ඇෆ්ගනිස්තානු පිල ඕස්ටේ‍්‍රලියාව පරාජය කරමින් වෙනසක් කිරීමට මුලපිරූ අතර අද පැවැති පළමු වටයේ අවසන් තරගයේදී කඩුලූ 4 කින් නැමීබියාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය තරග දෙක බැගින් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගය අනුව ඇෆ්ගනිස්තානය දෙවැනි ස්ථානයට පත්විය. ඇෆ්ගනිස්තානු පිල වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේදී ප‍්‍රබල ශ්‍රී ලංකා පිල ද පරාජය කිරීමට සමත් වූ කණ්ඩායමකි.
වයස 19 න් පහළ වයස් කාණ්ඩයේ ප‍්‍රබල කණ්ඩායමක් ලෙස සැළකෙන බංග්ලාදේශයට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.
ශ්‍රී ලංකාවට එරෙහිව අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වන පාකිස්තානු පිල ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරමින් තරග දෙකක් ජය ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය. පාකිස්තානු පිල ඉන්දියාව හමුවේ පරාජයට පත්විය.
ඉන්දියාව (‘ඒ’ කාණ්ඩය), දකුණු අප‍්‍රිකාව (‘සී’ කාණ්ඩය) සහ ශ්‍රී ලංකාව (‘ඞී’ කාණ්ඩය) පළමු වටයේ තරග තුනම ජය ලබා අපරාජිතව දෙවැනි වටයට පැමිණීමට සමත් විය.
අර්ධ අවසන් පූර්ව තරග කාලසටහන
‘ඞී’ කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහන
| රට | තරග | ජය | පරාජ | ප‍්‍ර.ල | ශු.ල.වේ. |
| ශ්‍රී ලංකාව | 3 | 3 | - | 6 | +0.607 |
| එංගලන්තය | 3 | 2 | 1 | 4 | +2.157 |
| නවසීලන්තය | 3 | 1 | 2 | 2 | -0.347 |
| එ.ආරාබිඑමිර් රාජ්‍යය | 3 | - | 3 | - | -2.429 |
ඡායාරූපය - අන්තර්ජාතික කි‍්‍රකට් සභා වෙබ්අඩවිය අනුග‍්‍රහයෙනි
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.