Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා පිල පරාජය පෙනෙන මානයේ

ශ්‍රී ලංකා පිල පරාජය පෙනෙන මානයේ

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වු අද (29 වැනිදා) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 660 ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටියේය.
 
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් අතැතිව නවසීලන්තයට වඩා තවත් ලකුණු 429 ක් පසුපසින් සිටින අතර දිනය නිමාවන විට ඩිල්රුවන් පෙරේරා හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක්ද, සුරංග ලක්මාල් හතරේ පහර 3 ක් සමග ලකුණු 16 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

තෙවැනි දිනය වූ ඊයේ (28 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 24 ක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 207 ක් එක්කර ගත්හ. එහිදී නවසීලන්ත පන්දු යවන්නන්ට දවාගත හැකි වූයේ කඩුලු 4 ක් පමණි.  

දිනේෂ් චන්දිමාල් (56) සහ කුසල් මෙන්ඩිස් (67) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. චන්දිමාල්ගේ 17 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර මෙන්ඩිස්ගේ 8 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත විය.

අර්ධ ශතකය ලබා ගැනීමෙන් මඳ වේලාවකට පසුව නිල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක මැට් හෙන්රි අතට උඩ පන්දුවක් දෙමින් කුසල් දැවී ගිය අතර පන්දු 228 කට මුහුණ දෙමින් ඉතා ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල් දැවී ගියේ වැග්නර්ගේ පන්දුවක් හමුවේ හෙන්රි නිකොල්ස් අතට උඩ පන්දුවක් දෙමිනි.

පළමු ඉනිම නිමාවන තෙක්ම නොදැවී සිටි ඇන්ජලෝ මැතිව්ස්, දෙවැනි ඉනිමේදී හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක් ලබා සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගියේය. ලකුණු 19 ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල බිඳ දැමීමට ටිම් සවුති සමත් වූ අතර රොෂේන් සිල්වා ලකුණු 18 කට දැවී ගියේ නීග් වැග්නර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක බී.ජේ. වොට්ලිං අතට උඩ පන්දුවක් දෙමිනි.

 

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල පරාජය පෙනෙන මානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.