Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රන් පදක්කම් දිනුවන්ට උසස්වීම්

රන් පදක්කම් දිනුවන්ට උසස්වීම්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දියාවේදී පැවැති 12 වැනි දකුණු ආසියානු කි‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් දිනාගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් සිව්දෙනකුට උසස්වීම් පිරිනැමීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා පියවර ගෙන ඇත.  

ඒ අනුව පාපැදි ඉසව්වෙන් රන් පදක්කම් 2 ක් දිනාගත් කෝප‍්‍රල් ජීවන් ජයසිංහ සැරයන් නිලයටද, උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් කෝප‍්‍රල් මංජුල කුමාර සැරයන් නිලයටද, මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් කෝප‍්‍රල් නිමාලි ලියනාරච්චි සැරයන් නිලයටද, රිටි පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ගුවන් භට ඉෂාර සදරුවන් කෝප‍්‍රල් නිලයටද උසස් කිරීම ඉකුත්දා ගුවන් හමුදා මුලස්ථානයේ සිදු කෙරිණ.

තවද පදක්කම් ලාභි ගුවන් හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සියලූම දෙනාටම මුදල් ත්‍යාග පිරිනැමීමක්ද එහිදී සිදු කෙරිණ. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා කී‍්‍රඩා සංචිතයේ නිලධාරීන් මෙන්ම සෙසු නිලයෝ රැසක්ද සහභාගි වූහ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් 97 දෙනෙක් සහ නිලධාරීන් 11 දෙනෙක් ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියානු තරගාවලියට සහභාගි වූ අතර එහිදී රන් පදක්කම් 05 ක්, රීදී පදක්කම් 25 ක් සහ ලෝකඩ පදක්කම් 27 ක් දිනාගැනීමට ඔවුහු සමත් වූහ.

ගුවන් හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් දිනාගන්නා ලද සම්පූර්ණ පදක්කම් සංඛයාව 57 කි

 

 

 


අදහස් (0)

රන් පදක්කම් දිනුවන්ට උසස්වීම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.