Last Update  :  2024-05-19 20:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැතිව්ස්ට එක්දින තරගාවලිය අහිමිවෙයි

මැතිව්ස්ට එක්දින තරගාවලිය අහිමිවෙයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කලවේ ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස්ට නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය අහිමිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ආබාධය පූර්ණ වශයෙන් සුවවීම සඳහා මැතිව්ස්ට සති හතරක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇතැයිද එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව ඔහු නවසීලන්ත සංචාරය නිමාවීමෙන් අනතුරුව පැවැත්වෙන ඕස්ටේ්‍රලියානු තරගාවලියේ තෙදින පුහුණු තරගයට මෙන්ම පළමු ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාවද අවිනිෂ්චිත තත්වයක පවතී.  

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (29 වැනිදා) දිවා ආහරයෙන් අනතුරුව පන්දුවට පහරදෙමින් සිටි මැතිව්ස්, ලකුණු 2 ක් සඳහා කඩුලු අතර දිවයෑමේදී ඔහුගේ වම් කලවේ මස්පිඩු ඇදීමක් සිදුවීමෙන් මෙම ආබාධ තත්වය හටගෙන තිබේ.

ආබාධ තත්වය සඳහා ක්‍රීඩාංගණය තුළදී තාවකාලික ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව තරමක් අසීරුවෙන් ක්‍රීඩා කළ මැතිව්ස්, මඳ වේලාවකට පසුව ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගිය අතර ඔහු ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය තහවුරු කළේය.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ජනවාරි මස 3 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි දෙවැනි සහ තෙවැනි තරග ජනවාරි 5 සහ 8 යන දිනවලදීද, විස්සයි20 තරගය 11 වැනිදාද පැවැත්වීමට නියමිතය.

අවසන් වරට එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ එක්දින තරගාවලිය සඳහා මැතිව්ස් තොරා නොගැනීමට එවකට සිටි ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව පියවර ගත්තේ මැතිව්ස් එක්දින තරග සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවයකින් නොසිටින බව පවසමිනි.


-036
 

 


අදහස් (0)

මැතිව්ස්ට එක්දින තරගාවලිය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.