Last Update  :  2025-08-27 14:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මහේල - සංගා අභියෝග කුසලාන තරග ඇරඹෙයි

මහේල - සංගා අභියෝග කුසලාන තරග ඇරඹෙයි

Nisanka Sandeepani - 2018 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 40 ක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වයස 19 න් පහළ වාර්ෂික ක්‍රිකට් තරගය ‘මහේල - සංගා අභියෝග කුසලාන’ ලෙස නම් කිරීමෙන් පසු පළමු තරගය නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී අද (28) ආරම්භ විය. තරගාවලියේ සමාරම්භක උත්සවය මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

නාලන්දා විදුහලේ හිටපු නායකයකු මෙන්ම ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතාද මේ අවස්ථාවට සහභාගි විය. 

නාලන්දා විදුහලේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයෝ ‘ක්‍රිකට් පිති’ ආචාරයකින් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරු පිළිගත්හ. ඉන් අනතුරුව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වස්තුහේවා සහ ත්‍රිත්ව විදුහලේ විදුහල්පති ඇන්ඩෘ පෝල් වොට් යන මහත්වරු ජාතික කොඩි සහ පාසල් කොඩි එසවීමේ අවස්ථාවට සහභාගි වූහ. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ බන්දුල වර්ණපුර යන මහත්වරු කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවට ද සහභාගි වූහ. 

‘මහේල - සංගා අභියෝග කුසලාන’ තරගාවලියේ පළමු තරගයේදී නාලන්දා විදුහල් පිලේ නායකයා ලෙස ලක්‍ෂිත රසාංජන ද, ත්‍රිත්ව විදුහල් පිලේ නායකයා ලෙස පුබුදු බණ්ඩාරද කටයුතු කරති. 

මෙම තරගය කොළඹ නාලන්දා විදුහල් ආදි ශිෂ්‍ය 88 කණ්ඩායම එම විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සහ ආදි නාලන්දා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සහයෝගය ඇතිව සංවිධානය කෙරේ. 

in-2

 

im-q  

in-4

in-7
(ඡායාරූප: ළහිරු හර්ෂණ) 

    

 


අදහස් (0)

මහේල - සංගා අභියෝග කුසලාන තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.