Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මහේල - තිරිමාන්න ලෝක කුසලාන තරග බිමට

මහේල - තිරිමාන්න ලෝක කුසලාන තරග බිමට

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 31 Comment
A A A

 

ලබන මාසයේ බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය සඳහා මහේල ජයවර්ධන සහ ළහිරු තිරිමාන්න දෙදෙනාම එක්ව සිටිති.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරගාවලියේදී තුවාල ලද ළහිරු තිරිමාන්න බංග්ලාදේශ සංචාරයට එක්නොවූ අතර බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට සහභාගි වුවද විස්සයි:20 තරගාවලියට පෙර පුහුණුවීම් කරමින් සිටියදී තුවාල ලද මහේල ජයවර්ධන නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණියේය.

රංගන හේරත් දණහිසේ ආබාධයකට ප‍්‍රතිකාර ලබමින් සිටින හෙයින් ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත හේරත් ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලට එක්වීමට නියමිතය. හේරත් සුවය නොලදහොත් ඔහුගේ ස්ථානය වමතින් දග පන්දු යවන්නකු මෙන්ම විශ්වාසය තැබිය හැකි මැද පෙළ පිතිකරුවකුද වන චතුරංග ද සිල්වාට හිමිවනු ඇත.


විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත්  මාලිංග (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, රංගන හේරත් හෝ චතුරංග ද සිල්වා, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ සීකුගේ ප‍්‍රසන්න

 


අදහස් (31)

මහේල - තිරිමාන්න ලෝක කුසලාන තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.