Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බැංගලෝර් පිල කඩුලූ 3 කින් ජයගනී

බැංගලෝර් පිල කඩුලූ 3 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 5 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් පිල  ඕවර 19 ක් අවසානයේ කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කි‍්‍රස් ගේල් පන්දු 56 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 96 ක් රැස්කරමින් බැංගලෝර් පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

ගේල්ට අගනා සහයක් දුන් ඒ. බී. ඩිවිලියස් පන්දු 13 කදී වේගවත් ලකුණු 28 ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් පිල නියමිත  ඕවර 20 ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 177 ක් ලබාගත්තේය.  

කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ගෞතම් ගම්භීර් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 58 ක් රැස්කළේය.

ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඇන්ඩි‍්‍ර රසල් පන්දු 17 කදී නොදැවී ලක-ුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක්ද සමගිනි.

කාසියේ වාසිය දිනූ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට්රයිඩර්ස් පිලට ආරාධනා කර සිටියේය.

 

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 177
(රොබින් උත්තාපා 35, ගෞතම් ගම්භීර් 58, මනීෂ් පාණ්ඬේ 23, ඇන්ඩි‍්‍ර රසල් 41)
 
රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 19 කදී කඩුලූ 7 ක් දැවී 179
(කි‍්‍රස් ගේල් 96, ඒ. බී. ඩිවිලියස් 28, යූසෆ් පතන් 40/2)

 

- 036


අදහස් (0)

බැංගලෝර් පිල කඩුලූ 3 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.