Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශය ලකුණු 487 ක් පසු පසින්

බංග්ලාදේශය ලකුණු 487 ක් පසු පසින්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක පාකිස්තානු පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (08) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 63 ක් රැස්කර සිටියේය.

බංග්ලාදේශ පිල ජයග‍්‍රහණය සඳහා ලකුණු 550 ක් රැස්කළ යුතු අතර කඩුලූ 9 ක් අතැතිව සිටින බංග්ලාදේශය තවත් ලකුණු  487 ක් පසු පසින් සිටියි.

තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමට නම් බංග්ලාදේශ පිල දින දෙකක් කඩුලූ ආරක්‍ෂකරගත යුතුය. පාකිස්තානය දෙවැනි ඉනිමේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 195 ක් රැස්කරමින් ලකුණු 550 ක් ඉලක්කයක් බාර කළේය.

දෙවැනි දිනය අවසන් වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 107 ක් රැස්කර සිටි බංග්ලාදේශ ඉනිම ලකුණු 203 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ.


පාකිස්තානු පිල පළමු ඉනිම  ඕවර 152 කදී කඩුලූ 8 ට 557
(අෂාර් අලී 226, යුනිස් ඛාන් 148, අසාද් ශාෆික් 107, මොහොමඞ් ශහිඞ් 72/2, තයිජුල් ස්ලාම් 179/3, ෂුවගාටා හොම් 76/2)

බංග්ලදේශ පිල පළමු ඉනිම  ඕවර 47.3 කදී සියලූ දෙනා දැවී 203
(ඉම්රුල් කායිස් 32, මහුමුදුල්ලා 28, ශකීබ් අල් හසන් නොදැවී 89,  ජුනයිඞ් ඛාන් 26/2, වහබ් රියාස් 73/3, යසීර් ශහා 58/3)

පාකිස්තානු පිල දෙවැනි ඉනිම  ඕවර 41.1 කදී කඩුලූ 6 ට 195
(අෂාර් අලී 25, යුනිස් ඛාන් 39, මිස්බා උල් හක් 82, මොහොමඞ් ශහිඞ් 23/2)
 
බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම  ඕවර 14 කදී කඩුලූ 1 ට 63

(තමීම් ඉක්බාල් නොදැවී 32, ඉම්රුල් කායිස් 16, මොමිනුල් හක් නොදැවී 15)
 
 
- 048


අදහස් (0)

බංග්ලාදේශය ලකුණු 487 ක් පසු පසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.