ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් විශාමගත් සුපිරි ක‍්‍රීඩකයන් පමණක් සහභාගි වන 20 විස්ස තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳව සචින් තෙන්ඩුල්කාර් සහ ෂේන් වෝන් කටයුතු කරමින් සිටින බව ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නොදන්නා බවද එම වාර්තාවේ. නමුත් තරගාවලිය සංවිධානය කිරීමේ මුලික වැඩකටයුතු අවසන් වී ඇති බවද එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
මෙම තරගාවලිය සඳහා ‘ක‍්‍රිකට් ඕල්ඞ් ස්ටාර් ලීග්’’ යනුවෙන් නම් තබා ඇති අතර එහි පළමු තරගාවලිය සැප්තැම්බර් මස ඇමරිකානු එක්සත් ජනපදයේ පැවැත්වීමට තීරණය කර තිබේ. අනතුරුව ඉදිරි වසර තුනහාමරක කාලය තුළදී ලොව විවිධ රටවලදී තරගාවලිය සංවිධානය කිරීමටද නියමිතව තිබේ. එහිදී ක‍්‍රීඩකයකුට ඇ.ඩො. 25,000 ක මුදලක් ගෙවීමට තීරණය වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
තරගාවලිය සඳහා විශ‍්‍රාමික ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසකට දැනටමත් ආරාධනා කර ඇති බවද වාර්තාවේ. රිකී පොන්ටින්, ඇඩම් ගිල්ක‍්‍රිස්ට්, ග්ලෙන් මැක්ග‍්‍රාත්, බ්‍රෙට් ලී, මයිකල් වෝන්, ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සහ ජැක් කලීස්ට ආරාධනා ලත් කී‍්‍රඩකයෝ අතර සිටිති.
තරගාවලිය පැවැත්වීමේ මූලික සාකච්ඡා ඉකුත් ජනවාරි මාසයේදී ෂේන් වෝන් සහ සචින් ටෙන්ඩුල්කාර් මුණ ගැසී සාකච්ඡා කර තිබුණද ඒ පිළිබඳව කිසිදු අදහසක් මාධ්‍යට පැවසීමෙන් ඔවුන් වැලකී සිටියේය. එහෙත් ජනවාරි මාසයේදී ෂේන් වෝන්් ට්විටර් පණිවිඩක් මගින් සටහන් කර ඇත්තේ සචින් සහ තමා හමුවී ලොකු වැඩක් ගැන සාකච්ඡා පැවැත්වූ බවයි.
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.