සාජාහිදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලන කි‍්‍රකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම පරදවා ලකුණු 121 ක ජයක් ලබාගත් පාකිස්තානු යොවුන් පිල තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. සාජා කී‍්‍රඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති මෙම තරගයේදී ලකුණු 280 ක ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා යොවුන් පිල ඕවර 43.2 කදී ලකුණු 158 කට සීමා කිරීමට පාකිස්තානු යෞවනයෝ සමත් වූහ.
යොවුන් ලෝක කුසලාන තරගාවලියට පොරතුව ඕස්ටේ‍්‍රලියානු 19 න් පහළ පිලට එරෙහිව ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරග 3 ත්, ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග දෙකත් අනතුරුව පැවැති ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග 3 ත් වශයෙන් පිට පිටම එක්දින තරග 8 කින් ජයගත් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමට අද අත්කරගත් පරාජයත් සමගම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
ශී‍්‍ර ලංකා යොවුන් පිල ජයග‍්‍රහණය කරා ගෙන යාමට දැඩි උත්සාහයක් ගත් සධීර සමරවික‍්‍රම (51) සහ පි‍්‍රයමාල් පෙරේරා (68) අර්ධ ශතක ලබාගත් නමුත් සෙසු ඉදිරි පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාම මෙම පිතිකරුවන් දෙදෙනාගේ උත්සාහයට හරස් විය.
ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් දෙදෙනකු වන හෂාන් දුමිඳු සහ කුෂල් මෙන්ඩිස් දෙදෙනාටම මෙම තරගයේදී ලබාගත හැකිවූයේ එක ලකුණක් පමණි. පාකිස්තානු යොවුන් පන්දු යවන්නෝ ඉතා සහයෝගයෙන් කඩුලූ බෙදා හදාගනිමින් ශී‍්‍ර ලංකා ඉනිමේ සම්බන්ධතා ගොඩනැ`ගීමට ඉඩ නොතැබූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු යොවුන් පිල වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක යෙදුණු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන සමී අස්ලම් (95) සහ ඉමාම් උල් හක් (82) ඕවර 37 ක් පුරා සිය කඩුලූ ආරක්‍ෂා කරගනිමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 177 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
බිනුර ප‍්‍රනාන්දුගේ පන්දුවකින් හර්ෂ රාජපක්‍ෂ උඩපන්දුවක් රැුකගැනීම නිසා ශතකය පෙනි පෙනී අස්ලම් දැවී ගිය අතර ඕවර දෙකකට පසුව ඉමාම් උල් හක්ද ලකුණු 82 කට දැවී ගියේය. අස්ලම්ගේ ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහර 2 කින් සමන්විත වූ අතර ඉමාම් ගැසූ හතරේ සහ හයේ පහර සංඛ්‍යාව පිළිවෙලින් 7 ක් සහ 1 කි.
ලකුණු 9 ක් ඇතුළතදී කඩුලූ දෙකක් බිඳ වැටුණ නමුත් අංක 3 පිතිකරු කම්රන් ගුලාම් වේගවත් පිතිහරඹයක යෙදෙමින් පන්දු 44 කදී ලකුණු 50 ක් ලබා පාකිස්තානු පිලේ ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියේය.
වේග පන්දු යවන්නන් වූ අනුක් ප‍්‍රනාන්දු (45/2) සහ බිනුර ප‍්‍රනාන්දු (56/4) කඩුලූ 6 ක් දවාගත් නමුත් පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා විසින් ජයග‍්‍රහණයේ පදනම දමනු ලැබ තිබිණ.
ලකුණු පුවරුව
පාකිස්තානු 19 න් පහළ කණ්ඩායම
සාමි අස්ලම් - ඇ.රාජපක්‍ෂ ප.බිනුර ප‍්‍රනාන්දු 95
ඉමාම් උල් හක් - දුවද්දී දැවී ගියා 82
කම්රන් ගුලාම් - ඇ.ටිරෝන් ප.බිනුර ප‍්‍රනාන්දු 52
හසන් රාසා - ඇ.පි‍්‍රයමාල් පෙරේරා ප.අනුක් ප‍්‍රනාන්දු 12
සෆාර් ගෝහාර් - ඇ.රාජපක්‍ෂ ප.අනුක් ප‍්‍රනාන්දු 17
අමාඞ් බට් - ඇ.කුසල් මෙන්ඩිස් ප.බිනුර ප‍්‍රනාන්දු 1
සෆිඋල්ලා ඛාන් - ස්ට.සමරවික‍්‍රම ප.ටිරෝන් 3
සියා උල් හක් - ඇ.රාජපක්‍ෂ ප.බිනුර ප‍්‍රනාන්දු 0
අමීර් හම්සා - නොදැවී 5
කර්මාත් අලි - දුවද්දී දැවී ගියා 0
සවුද් සකීල් - නොදැවී 1
අතිරේක 11
එකතුව ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 279
කඩුලූ වැටීම :
1-177(සාමි අස්ලම්), 2-186(ඉමාම් උල් හක්), 3-224(හසන් රාසා), 4-247(සෆාර් ගෝහාර්), 5-259(අමාඩ් බට්), 6-273(සෆිඋල්ලා ඛාන්), 7-273(ගුුලාම්), 8-273(සියා උල් හක්), 9-277(කර්මාත් අලි)
පන්දු යැවීම:
බිනුර ප‍්‍රනාන්දු : 9-1-56-4, අනුක් ප‍්‍රනාන්දු : 7-0-45-2, රමේෂ් මෙන්ඩිස් : 7-0-42-0, හර්ෂ රාජපක්‍ෂ : 7-0-37-0, පි‍්‍රයමාල් පෙරේරා : 10-0-49-0, ඒ්. කේ. ටිරෝන් : 10-0-49-1
ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම
හෂාන් දුමිඳු - ප.සියා උල් හක් 0
සධීර සමරවික‍්‍රම - ස්ට.සෆිඋල්ලා ඛාන් ප.කර්මාත් අලි 51
කුෂල් මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා 1
හෂේන් රාමනායක - දුවද්දී දැවී ගියා 12
පි‍්‍රයමාල් පෙරේරා - ප.සියා උල් හක් 68
රමේෂ් මෙන්ඩිස් - ඇ.සවුද් ශකීල් ප.කර්මාත් අලි 3
තිලක්‍ෂ සුමනසිරි - ඇ. සහ ප. කම්රන් ගුලාම් 4
හර්ෂ රාජපක්‍ෂ - ඇ.සවුද් ශකීල් ප.සෆාර් ගෝර් 8
අනුක් ප‍්‍රනාන්දු - නොදැවී 5
ඒ. කේ. ටිරෝන් - ඇ.හසන් රාසා ප.සෆාර් ගෝර් 1
බිනුර ප‍්‍රනාන්දු - ප.කම්රන් ගුලාම් 3
අතිරේක 2
එකතුව ඕවර 42.3 කදී සියලූ දෙනා දැවී 158
කඩුලූ වැටීම:
1-00(දුමිඳු හෂාන්), 2-10(කුෂල් මෙන්ඩිස්), 3-44(රාමනායක), 4-103(සමරවික‍්‍රම), 5-109(රමේෂ් මෙන්ඩිස්), 6-119(තිලක්‍ෂ සුමනසිරි), 7-149(හර්ෂ රාජපක්‍ෂ), 8-149 (පි‍්‍රයමාල් පෙරේරා), 9-152(ටිරෝන්), 10-158(බිනුර ප‍්‍රනාන්දු)
පන්දු යැවීම:
සියා උල් හක් : 10-1-36-2, අමාඞ් බට් : 6-1-23-0, කර්මාත් අලි : 10-0-41-2, සෆාර් ගෝර් : 10-3-39-2, කම්රන් ගුලාම් : 6.3-0-19-2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.