Last Update  :  2024-05-15 11:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පළමු එක්දින තරගය වැස්සට සේදෙයි

පළමු එක්දින තරගය වැස්සට සේදෙයි

Nisanka Sandeepani - 2018 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් අහිමිකර ගනිමින් ඕවර 15 කදී ලකුණු 92 ක් රැස්කිරීමට සමත්වූ අතර ජෝ රූට් ලකුණු 25 ක් සහ ඔයින් මෝගන් ලකුණු 14 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

වේගවත් ආරම්භයක් ලබාගත් ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටෝ පළමු කඩුල්ල සඳහා පන්දු 48 කදී ලකුණු 49 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ. නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ පළමු කඩුල්ල ලෙස ජොනී බෙයාර්ස්ටෝ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට උඩපන්දුවක් දෙමින් ලකුණු 25 කට දැවී ගිය අතර අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ ගැසු වේගවත් පහරින් ඉහළ නැගි පන්දුව අතිරේක ක්‍රීඩක සධීර සමරවික්‍රම රැකගැනීමත් සමගින් දෙවැනි කඩුල්ල ලෙස ජේසන් රෝයීගේ ඉනිම ලකුණු 24 කට නිමාවිය.

“තණතීරුව තරමක තෙතමන ගතියකින් යුක්ත බැවින් පළමුව පන්දු යැවීමට තීරණය කළ බව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පැවසීය. එංගලන්ත කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හී ලෝකයේ හොඳම කණ්ඩායම බවත් ඔවුන්ව පරාජය කිරීම පහසු නොවන බවත් පැවසූ චන්දිමාල් අපේ බලාපොරොත්තු කෙසේ හෝ ඔවුන්ව පරාජය කිරීම බවත් වැඩිදුරටත් පැවසීය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

 

 

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

පළමු එක්දින තරගය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.