Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තයට ලකුණු 382 ක ඉලක්කයක්

නවසීලන්තයට ලකුණු 382 ක ඉලක්කයක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (2 වැනිදා) තරගය නතර කරන ජයග්‍රහණය සඳහා ලකුණු 382 ක ඉලක්කයක් හඹායමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 42 ක් ලබා සිටියේය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව තවත් එංගලන්ත කණ්ඩායමට වඩා තවත් ලකුණු 340 ක් පසුපසින් සිටින අතර තෙවැනි දිනය නිමාවන විට ටොම් ලේතම් හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, ජීත් රාවල් හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

තෙවැනි දිනය වූ ඊයේ (1 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 150 එක්ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා නවසීලන්තයට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝ රූට් (54) සහ ඬේවිඞ් මැලන් (53) අර්ධ ශතක ලබාගත්හ. ලකුණු 165 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රූට් සහ මැලන් සමත් වූහ. කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්ගේ පන්දුවක් හමුවේ හෙන්රි නිකලස් අතට උඩපන්දුවක් දෙමින් මැලන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

ඉන් නොනැවතුන ග්‍රෑන්ඞ්හෝම්, බෙන් ස්ටෝක්ස් (12), ස්ටුවට් බ්‍රෝඞ් (12) සහ මාර්ක් වුඞ්ද (9) අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කරමින් නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය. ග්‍රෑන්ඞ්හෝම්ට අනගි සහායක් දුන් නීල් වැග්නර් ලකුණු 51 කට කඩුලු 2 ක් දවාගත්තේ රූට්ගේ කඩුල්ලද සමගිනි.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 307
(මාර්ක් ස්ටොනෙමන් 35, ජෙම්ස් වින්ස් 18, ජෝ රූට් 37, බෙන් ස්ටෝක්ස් 25, ජොනි බෙයාස්ට්‍රෝ 101, මාර්ක් වුඞ් 52, ජැක් ලීච් 16, ටිම් සවුති 62/6, ටේ‍රන්ට් බෝල්ට් 87/2)

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 278
(කේන් විලියම්සන් 22, බී.ජේ. වෙට්ලින් 85, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 72, ටිම් සවුති 50, නීල් වැග්නර් නොදැවී 24, ටේ‍රන්ට් බොල්ට් 16, ස්ටුවට් බ්‍රෝඞ් 54/6, ජේම්ස් ඇන්ඩසන් 76/4)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 352
(මාර්ක් ස්ටොනෙමන් 60, ජෙම්ස් වින්ස් 76, ජෝ රූට් 54, ඬේවිඞ් මැලන් 53, ජොනී බෙයාස්ට්‍රෝ 36, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 94/4, නීල් වැග්නර් 51/2, ටේ‍රන්ට් බෝල්ට් 89/2)

නවසීලන්ත දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 42
(ටොම් ලේතම් නොදැවී 25, ජීත් රාවල් නොදැවී 17)


- 036

 


අදහස් (0)

නවසීලන්තයට ලකුණු 382 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.