Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තය 1-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

නවසීලන්තය 1-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

Nisanka Sandeepani - 2018 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 423 ක පහසු ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම දෙරට අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 660 ක දැවැන්ත ඉලක්යක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 236 කට සීමා කිරීමට නීල් වැග්නර් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වැග්නර් ලකුණු 48 කට කඩුලු 4 ක් දවාගත් අතර ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3 ක්ද, ටිම් සවුති කඩුලු 2 ක්ද දවාගනිමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.  

සිවුවැනි දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේදී (30 වැනිදා) සිය දෙවැනි ඉනිමට එක් කරගත හැකි වූයේ තවත් ලකුණු 5 ක් පමණි. කලවේ ආබාධයක ලක්වීම නිසා ඊයේ පිටියෙන් ඉවත්ව ගිය ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේදී නැවත පන්දුවට පහරදීම සඳහා පිටියට නොපිවිසියේය. 

අද දිනයේදී ක්‍රියාත්මක කෙරුණ පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදීම සුරංග ලක්මාල්ගේ (18) කඩුල්ල බිඳදැමීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් විය. ලකුණු 22 ක් ලබා සිටි ඩිල්රුවන් පෙරේරා පිටියෙන් ඉවත් කිරීමට දිනයේ දෙවැනි ඕවරය යැවූ වැග්නර් සමත් විය. නායක කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ඩිල්රුවන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ. 

ඩිල්රුවන්ගේ දැවී යෑමෙන් පන්දු 6 කට පසුව ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ දුෂ්මන්ත චමීර කඩුල්ල මුවාකළ බවට ප්‍රධාන විනිසුරුවරයා සංඥා කළේය. ඒ සමගම එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට චමීර පියවර ගත් අතර දැවීයෑමේ පුනුරූපණ නිරීක්ෂණය කිරීමෙන් අනතරුව තෙවැනි විනිසුරුවරයාද, ප්‍රධාන විනිසුරුගේ තීරණය සමග එකඟ වීම නිසා චමීර දැවී ගිය ක්‍රීඩකයකු බවට පත්විය. 
 
-036 

 


අදහස් (0)

නවසීලන්තය 1-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.