Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකාවට ලකුණු 153 ක ජයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 153 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 12 Comment
A A A

ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 370 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා පිල ලකුණු 216 දී නතර කළ දකුණු අප්‍රිකානුවෝ තරගයෙන් ලකුණු 153 ක පහසු ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී තරග 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට සංචාරකයෝ සමත් වූහ.

තරගයේ පස්වැනි සහ අවසාන දිනය වූ අද (20 වැනිදා) පෙරවරුවේදීම ලකුණු 40 ක් තුළදී ශ්‍රී ලංකා කඩුලු 5 ක් බිම දැමූ දකුණු අප්‍රිකානුවෝ දිවා ආහාරයට පෙරම තරගයේ වාසිය තමන් වෙත හරවා ගත්හ. දිවා ආහාරයෙන් පසුව ඩිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් දැවී ගිය අතර එතැන් සිට තරගයේ තීරණය දකුණු අප්‍රිකානුවන් අත රැඳිණ.

ඩේල් ස්ටෙයින් සහ මෝර්නි මෝකල් කඩුලු 8 ක් බෙදාගත් අතර ඉතිරි කඩුලු 2 ම ජේ. පී. ඩුමිනි සතුවිය. ඩුමිනි විසින් යවන ලද පළමු පන්දුවේදීම සංගක්කාර ගැසූ පුල් පහරකින් පන්දුව මිඩ් විකට් හි සිටි හසිම් අම්ලා සොයා ගිය හෙයින් සංගක්කාරගේ ඉනිම ලකුණු 76 දී අවසන් විය.

තරගයේදී ලකුණු 99 කට කඩුලු 9 ක් දවාගත් ඩේල් ස්ටෙයින් ගාල්ල ක්‍රීඩාංගණයේදී වේග පන්දු යවන්නකු පෙන්වන ලද හොඳම දස්කම වාර්තා කිරීමට අද සමත් විය. පළමු ඉනිමේදී ලකුණු 54 කට කඩුලු 5 ක් දවාගත් ස්ටෙයින් දෙවැනි ඉනිමේදී ලකුණු 45 කට කඩුලු 5 ක් දවාගත්තේය.

මේ වන විට ලෝකයේ සිටින විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ඬේල් ස්ටෙයින්, අද දිනයේ යැවූ දෙවැනි  ඕවරයේ පන්දුවක් කෞෂාල් සිල්වාගේ පිත්තේ යාන්තමින් ගැටී කඩුල්ල පසුපසට ඇදී යද්දී ඒ වෙත ඇදුණු ක්වින්ටින් ඩි කොක් තනි අතින් එය ඩැහැගත්තේ සංගක්කාර සහ කෞෂාල් අතර පැවැති දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව 104 කට සීමා කරමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 118 ක් ව තිබියදී පිට ඉන්නට යාන්තම් එපිටින් පතිත වූ ස්ටෙයින්ගේ පන්දුව කඩුල්ල තුළට ඒද නොඒද යන්න පිළිබඳ දෙගිඩියාවෙන් කෞෂාල් පිත්ත දැමූවත් සිතූ තරම් ඇතුළට ඇදී නොආ පන්දුව පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින්නාගේ දකුණත තුළ සැඟව ගියේය. මහේල සහ ඩිල්රුවන් පෙරේරා දැවී ගියේද එවැනිම පන්දු දෙකකිනි.

ඊළග  ඕවරය යැවූ මෝනි මෝකල් සංගක්කාරගේ පිත්තේ පිටත දාරය සොයාගත් නමුත් ඉතමත් පහසු උඩපන්දුවක් වූ එය දකුණු අපි‍්‍රකානු කඩුලූ රකින්නා අතින් ගිළිහී ගියේය. ඒ වන විට සංගක්කාර ලකුණු 65 ක් ලබා සිටි අතර මුලූ ලකුණු සංඛ්‍යාව කඩුලූ 2 කට 118 ක් විය.

ලද අවස්ථාවෙන් ප්‍රෙයා්ජන ගැනීමට සංගක්කාර දැඩි උත්සාහයක් ගත්තේය. ඒ වන විටත් පිට ඉන්නට එපිටින් පන්දු රකින්නන් කඳවුරු බැ‍ඳගෙන සිටි බැවින්, ජේ. පී. ඩුමිනි විසින් අද දිනයේ යවන ලද පළමු පන්දුව මිඩ් විකට් කලාපයෙන් හතරේ සීමාවට යැවීමට සංගක්කාර ගත් උත්සාහයට හසිම් අම්ලා හරස් විය.

විනාඩි 211 ක් පිටියේ රැඳුනු සංගක්කාර පන්දු 145 කට මුහුණ දෙමින් හතරේ පහර 9 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සරසීය.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (12)

දකුණු අප්‍රිකාවට ලකුණු 153 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.