Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner තිලාන් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

තිලාන් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රීඩක තිලාන් සමරවීර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සමරවීර මහතා ඉල්ලා අස්වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංචිතයට ඇතුළත්ව සිටි අතර ඒ මහතාගේ කොන්ත්‍රාත් ගිවිසුම අවසන් වීමට තවත් මාස 6ක කාලයක් ඉතිරිව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ සමරවීර මහතා පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වන බවට ලිඛිතව දැනුම්දී ඇති බවයි.

“එහි හේතුවක් සඳහන් කර නෑ. පුහුණුකරු ධුරයෙන් ඉවත් වන බව පමණක් ලිපියකින් දැනුම්දී තිබෙනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා සංවර්ධන සංචිත පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ අවිෂ්ක ගුණවර්ධන මහතාට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් තරග පාවාදීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම නිසා ඒ මහතාගේ සේවයද තාවකාලිකව අත්හිටුවීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.


අදහස් (0)

තිලාන් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.