Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චන්දිමාල් - දිමුත් ක්‍රිකට් ආයතන පිලේ නායකත්වයට

චන්දිමාල් - දිමුත් ක්‍රිකට් ආයතන පිලේ නායකත්වයට

රොෂාන් ගුණරත්න - 2018 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පුහුණු එක්දින තරග දෙකේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට සහ දිමුත් කරුණාරත්නට පැවරී තිබේ. ඒ අනුව හෙට (5 වැනිදා) පැවැත්වෙන පළමු පුහුණු තරගයේදී දිනේෂ් චන්දිමාල් විසින්ද, අනිද්දා (6 වැනිදා) පැවැත්වෙන දෙවැනි පුහුණු තරගයේදී දිමුත් කරුණාරත්න විසින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම මෙහෙයවනු ලැබේ. 

අවසන් වරට මෙරටදී පැවැති දකුණු අප්‍රිකානු තරගාවලියට මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියටද සහභාගි නොවීම නිසා චන්දිමාල්ට එංගලන්ත එක්දින තරගාවලිය සඳහා සූදානම් වීමට අවස්ථාවක් ලබා දීමේ අරමුණින් ඔහු පළමු පුහුණු තරගයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 

එසේ වුවත් පළමු පුහුණු තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇති චන්දිමාල් දෙවැනි පුහුණු තරගය සඳහා නම් කර නොමැත. චන්දිමාල්ට අමතරව පළමු පුහුණු තරගය සඳහා කණ්ඩායමට නම් කර ඇති කමිඳු මෙන්ඩිස්ටද දෙවැනි පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ ස්ථානයක් හිමී වී නොමැත.  

පළමු පුහුණු තරගයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කරනු ලැබ සිටින අවිෂ්ක ප්‍රනාන්දු, ඉසුරු උදාන සහ අසේල ගුණරත්න දෙවැනි පුහුණු තරගයේදී කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර පළමු පුහුණු තරගයේදී කණ්ඩායමට ඇතුළත්ව සිටින අසිත ප්‍රනාන්දු සහ ළහිරු තිරිමාන්න දෙවැනි පුහුණු තරගයේදී අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කරනු ලැබ සිටිති.

පළමු තරගය සඳහා නම් කර නොමැති චරිත් අසලංකටද දෙවැනි තරගයේදී අවස්ථාවක් ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ප්‍රභාත් ජයසූරිය තරග දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයකු ලෙස කටයුතු කරනු ඇත. 

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම සහ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත මෙම පුහුණු තරග දෙකටම ක්‍රීඩා කිරීමට නියමිතය. 

පළමු පුහුණු තරගයට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම 
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, ෂෙහාන් මධුෂංක, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත සහ නිෂාන් පීරිස්

අතිරේක 
අවිෂ්ක ප්‍රනාන්දු, ඉසුරු උදාන, අසේල ගුණරත්න සහ ප්‍රභාත් ජයසූරිය 


දෙවැනි පුහුණු තරගයට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම 
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, චරිත් අසලංක, ජෙෆ්රි වැන්ඩසේ, ෂෙහාන් මධුෂංක, ඉසුරු උදාන, කසුන් රාජිත සහ නිෂාන් පීරිස්

අතිරේක 
ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු සහ ළහිරු තිරිමාන්න 

 

-036 


අදහස් (0)

චන්දිමාල් - දිමුත් ක්‍රිකට් ආයතන පිලේ නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.