Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගුණරත්නට තරගාවලියම අහිමි වෙයි

ගුණරත්නට තරගාවලියම අහිමි වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෂිකාර් ධවාන්ගේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී වම් අතේ මහපට ඇඟිල්ලේ අස්ථිය බිඳීයාම හේතුවෙන් අසේල ගුණරත්නට මෙම ටෙස්ට් තරගාවලියේ ඉතිරිය සම්පූර්ණයන්ම අහිමි වී තිබේ. තුන්ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් කණ්ඩායමට එක්වූ ගුණරත්නට එකම පන්දුවක් හෝ නොයවා තරගයෙන් පමණක් නොව තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබේ.

තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා කීවේ අසේල ගුණරත්න අද රාත්‍රියේ සැත්කමකට මුහුණ දීමට සූදානමින් සිටින බවත් ඔහුට සති හතරක පමණ කාලයක් කිසිදු ආකාරයේ ක්‍රිකට් තරගයකට සහභාගි විය නොහැකි බවත්ය.

දෙවැනි ස්ලිප් හි පන්දු රකිමින් සිටි ගුණරත්න වමත් පිතිකරු ෂිකාර් ධවාන්ගේ උඩපන්දුව රැකගැනීමට යාමේදී පන්දුව ඔහුගේ වම් අතේ මහපට ඇඟිල්ලේ වැදිණ. පන්දුවේ තිබූ අධික වේගය නිසා දැඩි වේදනාවෙන් බිම ඇදවැටුණු ගුණරත්න එසැණින්ම ආපසු ක්‍රීඩාගාරයට ගියේය.

ගුණරත්නගේ වම් මහපට ඇඟිල්ලේ අස්ථිය බිඳී ඇති බව නිරීක්‍ෂණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරු හදිසි ප්‍රතිකාර සඳහා ඔහුව කොළඹට යැවූහ.


ඡායාරූපය : ඒ.එෆ්.පී අනුග්‍රහයෙන‍ි


අදහස් (0)

ගුණරත්නට තරගාවලියම අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.