Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ගප්ටිල් යළි කැඳවයි

ගප්ටිල් යළි කැඳවයි

Nisanka Sandeepani - 2018 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද නවසීලන්ත සංචිතයට ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් නැවතත් කැඳවා තිබේ. කලවේ ආබාධ තත්වයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටි ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල්ට අමතරව එක්දින ජාත්‍යන්තර තරගවලට සහභාගි වී නොමැති ටිම් සෙයිෆර්ට්ටද නවසීලන්ත සංචිතයේ ස්ථානයක් හිමිවී ඇත. 

එක්දින තරග 159 කට සහභාගි වී සිටින මාටින් ගප්ටිල් ඒවායේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 5976 කි. එක්දින ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ සිටින ගප්ටිල් වසර 2015 දී කොදෙව් පිලට එරෙහිව වෙලින්ටන්හිදී නොදැවී ලකුණු 237 ක් ලබාගත්තේය. එක්දින ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර ගප්ටිල්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවට එරෙහිව කොල්කටාවේදී ලකුණු 264 ක් ලබාගත් ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මා පමණි. 

තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීෂම් සහ වේග පන්දු යවන ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් දෙදෙනාද එක්දින සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. වසරක පමණ කාලයක් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් නොලද මෙම ක්‍රීඩකයන් දෙදෙනා, යළිත් වරක් ජාතික සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව කටයුතු කර ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ දේශීය තරගවලදී දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමිනි.  

ඔවුන් සංචිතයට ඇතුළත් වීමත් සමග කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්, ටොම් ලේතම්, ජෝජ් වෝකර් සහ අජාස් පතේල් යන ක්‍රීඩකයන්ට නවසීලන්ත සංචිතයේ ස්ථාන අහිමිවී තිබේ. 

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්තයට යෑමට පෙර නවසීලන්ත කණ්ඩායම සිය රට තුළදී ශ්‍රී ලංකාවට, ඉන්දියාවට සහ බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා නම් කරන ලද කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත සංචිතයට ක්‍රීඩකයෝ 13 දෙනෙක් ඇතුළත්ව සිටිති. 

දෙරට අතර පළමු එක්දින තරගය ජනවාරි මස 3 වැනිදාත්, දෙවැන්න 5 වැනිදාත් මවුන්ට් මන්ගනුයිහිදී දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වේ. තෙවැනි එක්දින තරගය 8 වැනිදා නෙල්සන්හිදීද, විස්සයි20 තරගය 11 වැනිදා ඕක්ලන්ඞ්හිදීද පැවැත්වීමට නියමිතය. 

නවසීලන්ත එක්දින සංචිතය 
කේන් විලියම්සන් (නායක), ටේ‍රන්ට් බෝල්ට්, ඩග් බ්‍රේස්වෙල්, ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, මැට් හෙන්රි, කොලින් මුන්රෝ, ජේම්ස් නීෂම්, හෙන්රි නිකොල්ස්, ටිම් සෙයිෆර්ට්, ඉෂ් සෝධි, ටිම් සවුති සහ රොස් ටේලර් 

-036 


අදහස් (0)

ගප්ටිල් යළි කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.