Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව්වෝ බංග්ලාදේශය තලා දමති

කොදෙව්වෝ බංග්ලාදේශය තලා දමති

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරග නිමාවීමට තවත් දින 2 ක් ඉතිරිව තිබියදීම ඉන් ඉනිමක සහ ලකුණු 219 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (6 වැනිදා) සමත් විය.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 363 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදී සිටි බංග්ලාදේශ කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ නුරුල් හසන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 64 ක් රැස්කළේය.

බංග්ලාදේශ දෙවැනි ඉනිම අඩු ලකුණ සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ ශැනෝන් ගේබියෙල් ලකුණු 77 කට කඩුලු 5 ක් බිඳහෙළීය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් නායක ජේසන් හෝල්ඩර් ලකුණු 30 කට කඩුලු 3 ක්ද, මිගෙල් කිමින්ස් ලකුණු 16 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

දෙවැනි දිනය වූ පෙරේදා (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 64 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායමට ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා අලුතින් එක්කර ගැනීමට හැකි වූයේ තවත් ලකුණු 82 ක් පමණි. රුබෙල් හුසේන් (16) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නුරුල් හසන් බංග්ලාදේශ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 43
(ලිටන් දාස් 25, කේමර් රෝච් 8/5, මිගෙල් කමින්ස් 11/3, ජේසන් හෝල්ඩර් 10/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 406
(ක්‍රෙග් බ්‍රැත්වේට් 121, ඩෙවෝන් ස්මිත් 58, කිරන් පවෙල් 48, ශායි හෝප් 67, ජේසන් හෝල්ඩර් 33, කේමර් රෝච් 33, අබු ජයේද් 84/3, මෙහෙදි හසන් 101/3, සකීබ් අල් හසන් 71/2)

බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 144
(මහමදුල්ලා රියාද් 15, නුරුල් හසන් 64, රුබෙල් හුසේන් 16, ශැනෝන් ගේබි්‍රයෙල් 77/5, ජේසන් හෝල්ඩර් 30/3, මිගෙල් කමින්ස් 16/2)


- 036

 


අදහස් (0)

කොදෙව්වෝ බංග්ලාදේශය තලා දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.