Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner කොදෙව්වෝ එක්දින තරගාවලිය සම කරති

කොදෙව්වෝ එක්දින තරගාවලිය සම කරති

Nisanka Sandeepani - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔෂේන් තෝමස්ගේ දක්ෂ පන්දු යැවීම සහ ක්‍රිස් ගේල්ගේ දක්ෂ පිතිහරඹය හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. 

ඒ අනුව දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට පත්කරමින් නිමා කිරීමටද කොදෙව්වෝ සමත් වූහ. තරගාවලියේ තුන් වැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 114 ක පහසු ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩකයෝ ඕවර 12.1 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පන්දු 27 කදී වේගවත් ලකුණු 77 ක් රැස්කළේ හයේ පහර 9 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

කළකට පසු යළිත් කොදෙව් කණ්ඩායමට ඇතුළත් වූ ගේල්, මෙම තරගාවලියේ තරග 4 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 424 ක් වන අතර එහි සාමාන්‍ය 106 කි. තරගාවලිය පුරා පිත්තෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු තරගාවලියේ වීරයා ලෙසද සම්මාන ලැබීය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට ඔෂේන් තෝමස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 28.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 113 ක් පමණි. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලභීන් වූ ඇලෙක්ස් හේල්ස් හතරේ පහර 4 ක් සමග ලකුණු 23 ක්ද, ජොස් බට්ලර් හතරේ පහරක් සමග ලකුණු 23 ක්ද බැගින් රැස්කළහ. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔෂේන් තෝමස්, ලකුණු 21 කට කඩුලු 5 ක් බිඳහෙළමින් තරගයේ වීරයා බවට පත්විය. නායක ජේසන් හෝල්ඩර් සහ කාර්ලෝස් බ්‍රැත්වේට්ද කඩුලු 2 බැගින් දවාගනිමින් එංගලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා තෝමස්ට අනගි සහායදුන් දුන්හ. 

එංගලන්ත පිල - ඕවර 28.1 කදී සියලු දෙනා දැවී 113 
(ඇලෙස්ක් හේල්ස් 23, ඔයින් මෝගන් 18, බෙන් ස්ටොක්ස් 15, ජොස් බට්ලර් 23, ඔෂේන් තෝමස් 21/5, කාලෝස් බ්‍රැත්වේට් 17/2, ජේසන් හෝල්ඩර් 28/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 12.1 කදී කඩුලු 3 ක් දැවී 115 
(ක්‍රිස් ගේල් 77, ශායි හෝප් 13, මාක් වුඞ් 55/2) 

-036 


අදහස් (0)

කොදෙව්වෝ එක්දින තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.