.jpg)
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (27 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට පළමු පන්දුවට පහරදෙමින් සිටින එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 171 ක් රැස්කර සිටියේය.
කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීර්ණය කළ අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ආරම්භක පිතිකරු ඇලිස්ටෙයාර් කුක් ලකුණු 82 ක්ද, බෙන් ස්ටොක්ස් ලකුණු 21 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
තේ පානයට සුලු මොහොතකට පෙර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 149 ක් ලබා සිටියේය. නියමිත වේලාවට පෙරම තේ පානය කිරීමට විනිසුරුවරුන් විසින් තීරණය කළ අතර තේ පානයෙන් පසුව ඇරඹී තරගය ඕවර 7 කට පමණක් සීමාවිය.
එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු කීටන් ජෙනිංස් ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට වර්නන් පිලැන්දර් සමත් විය. ඩීන් එල්ගා අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවීයන විට ජෙනිංස් පන්දු 9 කට මුහුණදී සිටියේය.
ඇලිස්ටෙයාර් කුක් සහ ටොම් වෙස්ට්ලි අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 52 කට සීමාකරමින් ලකුණු 25 ක් ලබා සිටි ටොම් වෙස්ට්ලි පිටියෙන් ඉවත් කිරීමට ක්‍රිස් මොරිස් සමත් විය. ෆෆ් ඩුප්ලෙසි අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවීයන විට වෙස්ට්ලිගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්වී තිබිණ.
මුලු ලකුණු සංඛ්‍යාව 113 ක් වන විට නායක ජෝ රූට් (29) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට වර්නන් පිලැන්දර් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක්ගේ සහායද ඇතිවය. රූට්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ඬේවිඞ් මෙලන්ටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර කගිසෝ රබාඩාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහුගේ ඉනිම ලකුණකට සීමා විය.
එංගලන්තය - පළමු ඉනිම කඩුලු 4 ක් දැවී 171
(ඇලිස්ටෙයාර් කුක් නොදැවී 82, ටොම් වෙස්ට්ලි 25, ජෝ රූට් 29, බෙන් ස්ටොක්ස් නොදැවී 21, වර්නන් පිලැන්දර් 8/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.