කිත්රුවන් විතානගේ (136 සහ කුසල් පෙරේරා (නොදැවී 102) ගොඩනැගූ ලකුණු 155 ක අනගි සම්බන්ධතාව නිසා සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (23) අවසන් වූ තෙවැනි තරගය විසඳුමකින් තොරව අවසන් විය.
තරග තුනම විසදුමකින් තොරව අවසන් වීම නිසා තරගවලිය ද සම තත්ත්වයෙන් අවසන් විය.
පස්වරු 4.00 ට පමණ දෙපිලේ එකඟතාවයෙන් තරගය අවසන් කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 411 ක් රැස්කර සිටියේය. ඒ වන විට ශ‍්‍රී ලංකා පිල ලකුණු 104 ක් ඉදිරියට පැමිණ තිබුණි.
කිත්රුවන් විතානගේ (136) සහ කුසල් පෙරේරා (නොදැවී 102) ලකුණු 226 කට කඩුලූ හතරක් බිඳ වැටී තිබියදී ලකුණු 155 ක සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු පිලේ ජයග‍්‍රහණයේ බලාපොරොත්තු සුන්කර දැමීමට සමත් වූහ.
කිත්රුවන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 218 කදී හතරේ පහර 18 ක් සමගින් ලකුණු 136 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. කිත්රුවන් ලකුණු 50 ක් දක්වා අවස්ථානුකූව පහර දෙමින් වේගයෙන් ශතකය දක්වා යමින් ටෙස්ට් පිලේ තමන්ට ස්ථානයක් ලැබිය යුතු බවට ඉඟි කළේය.
මෙම තරගාවලිය පුරාම ලකුණු අතර සිටි කුසල් පෙරේරා පන්දු 120 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස් කිරීමට සමත් විය. කුසල් මෙම පාකිස්තානු ‘ඒ’ සංචාරයේ එක්දින තරග තුනේදී සහ සිවුදින තරග දෙකේදී ශතක හතරක් සහ අර්ධ දෙකක් සමගින් ලකුණු 665 ක් රැස්කිරීමට සමත් විය.
තෙවැනි දිනය වූ ඊයේ (22) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 119 ක් රැස්කරමින් ලකුණු 188 ක් පසු පසින් සිටියේය.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 74 කදී සියලූ දෙනා දැවී 273
(ධනංජය ද සිල්වා 13, මාධව වර්ණපුර 14, කිත්රුවන් විතානගේ 48, කුසල් පෙරේරා 90, නිසල තාරක 76, දුෂ්මන්ත චමීර නොදැවී 12, තබීෂ් ඛාන් 65/2, ෂශාඞ් අසාම් 54/3, ෆාවාඞ් අලාම් 40/4)
පාකිස්තාන් ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 149.3 කදී කඩුලූ 8 ක් දැවී 580
(ෂාන් මසූඞ් 182, උමාර් අමීන් 127, උස්මන් සලාවුද්දීන් 36, අලි අසාඞ් 89, අද්නන් අක්මාල් නොදැවී 54, ළහිරු ගමගේ 112/4)
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම
උදාර ජයසුන්දර - ඇ. අද්නන් අක්මාල් ප. ෂශාඞ් අසාම් 56
ධනංජය ද සිල්වා - ක. මූ. කළා ප. තබීෂ් ඛාන් 37
මාධව වර්ණපුර - ඇ. අද්නන් අක්මාල් ප. ෂශාඞ් අසාම් 8
කිත්රුවන් විතානගේ - ඇ. උස්මාන් සලාවුද්දීන් ප. උමාර් අමීන් 136
අෂාන් ප‍්‍රියංජන් - ඇ. අද්නන් අක්මාල් ප. මීර් හම්සා 54
කුසල් පෙරේරා - නොදැවී 102
අසේල ගුණරත්න - නොදැවී 9
අතිරේක 9
එකතුව ඕවර 116 කදී කඩුලූ 5 ක් දැවී 411
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
නිසල තාරක, මාලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, ළහිරු ගමගේ
කඩුලූ වැටීම:
1-88(ධනංජය ද සිල්වා), 2-101(උදාර ජයසුන්දර), 3-112(මාධව වර්ණපුර), 4-226(අෂාන් ප‍්‍රියංජන්), 5-381(කිත්රුවන් විතානගේ)
පන්දු යැවීම:
තබීෂ් ඛාන්: 20-4-83-1, සියා උල් හක්: 16-2-70-0, මීර් හම්සා: 21-4-67-1, ෂශාඞ් අසාම්: 18-3-63-2, ෆාවාඞ් අලාම්: 28-7-92-0, උමාර් අමීන්: 12-1-26-1, උස්මාන් සලාවුද්දීන්: 1-0-6-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.