Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ට්‍රේලියාව අසීරු තත්ත්වයක

ඕස්ට්‍රේලියාව අසීරු තත්ත්වයක

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (2 වැනිදා) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 612 ක ඉලක්කයක් හඹායමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 88 කට කඩුලු 3 ක් දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

ඒ අනුව සිවුවැනි දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියාව කඩුලු 7 ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 524 ක් පසුපසින් සිටි අතර පීටර් හෑන්ඞ්ස්කොම්බ් ලකුණු 23 ක්ද, ෂෝන් මාර්ෂ් ලකුණු 7 ක්ද බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 68 ක් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන මැට් රැන්ෂෝ (5) සහ ජෝ බර්න්ස් (42) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් පිටියෙන් ඉවත් කිරීමට සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මෝනි මෝකල් සමත් විය. කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි උස්මාන් කවාජාට ලබාගත හැකිවී තිබණේද ලකුණු 7 ක් පමණි.

කඩුලු 6 ක් දැවී ලකුණු 344 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය දෙවැනි ඉනිම අත්හිටවූ දකුණු අප්‍රිකානු කණ්ඩායම, ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. ඉනිම අත්හිටුවන විට ටෙම්බා බවුමා ලකුණු 35 ක්ද, වර්නන් පිලැන්දර් ලකුණු 33 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

අද දිනයේදී සිට 8 වැනි ටෙස්ට් ශතකය ලබාගත් ෆෆ් ඩුප්ලෙසි (120), එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 18 කින් අලංකාර කළ අතර පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ පීටර් හෑන්ඞ්ස්කෝම්බ් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්වූ පැට් කමින්ස්, ඩුප්ලෙසිගේ කඩුල්ලත් සමග ලකුණු 58 කට කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය. ඒඞ්න් මාක්‍රම් (37), ඒ.බී. ඩිවිලියස් (6) සහ ක්වින්ටින් ඩි’කොක් (4) ඔහුගේ පන්දු හමුවේ දැවීගිය සෙසු පිතිකරුවෝ වූහ.


දකුණු අප්‍රිකා පළමු ඉනිම - සියලු දෙනා දැවී 488
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 221
දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 344
(ඒඞ්න් මාක්‍රම් 37, ඩීන් එල්ගා 81, ෆෆ් ඩුප්ලෙසි 120, ටෙම්බා බවුමා නොදැවී 35, වර්නන් පිලැන්දර් නොදැවී 33, පැට් කමින්ස් 58/4, නේතන් ලයන් 116/2)

ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 88
(ජෝ බර්න්ස් 42, පීටර් හෑන්ඞ්ස්කොම්බ් නොදැවී 23, මෝනි මෝකල් 18/2)


- 036


අදහස් (0)

ඕස්ට්‍රේලියාව අසීරු තත්ත්වයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.