Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ට්‍රේලියාව පළමු තරගය ජයගනී

ඕස්ට්‍රේලියාව පළමු තරගය ජයගනී

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උප නායිකා ඇලෙක්ස් බ්ලැක්වෙල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා අළු බඳුන වෙනුවෙන් පැවැත්වෙන පළමු එක්දින තරගයේදී කඩුලු 2 ක තියුණු ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු පිල සමත්  වූයේය. ලකුණු 229 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ.

අළු බඳුන වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය එක්දින තරග 3 කින්, සිවුදින ටෙස්ට් තරගයකින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විතය. අද තරගය බ්‍රිස්බේන්හි ඇලන් බෝඩර් ඕවල් පිටියේදී පැවැත්විණ.

ලකුණු 229 ක ඉලක්කය කරා යාමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 150 කට කඩුලු 5 ක් අහිමි කරගෙන සිටි නමුත් පසුපෙළ පිතිකාරිනියන් සමග ඉනිම ගොඩනැංවූ ඇලෙක්ස් බ්ලැක්වෙල් පන්දු 86 කින් ලකුණු 67 ක් ලබා තම පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියාය. ලකුණු 35 ක් ලබා සිටියදී උඩපන්දුවක් ගිළිහී යාමෙන් පසුව එයින් අනගි ප්‍රයෝජන ගත් බ්ලැක්වෙල්ට පසුපසින් පැමිණි ඇෂ්ලි ගාර්ඩිනර් වෙතින් හොඳ සහයෝගයක් ලැබිණ. හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39 ක් එක්කළ මේ දෙදෙනා ඔස්ටේ්‍රලියානු පිල ජය පෙනෙන මානයට කැඳවාගෙන ගියහ.

පන්දු 18 කදී ලකුණු 27 ක් ලබාගත් ගාර්ඩිනර්ගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.

එංගලන්ත නායිකා හෙදර් නයිට් කියා සිටියේ තමන්ට ලකුණු 20 ක් 30 ක් මදිවූ බවයි.
“අපි දැනගෙන හිටියා ඒක ටිකක් මන්දගාමී තණතීරුවක් කියලා. ලකුණු 250 ක විතර එකක්. හුඟක් දෙනකුට හොඳ ආරම්භයක් ලැබුණත් ඒ අයට ඒක දිගටම ගෙන යන්න බැරිවුණා” යයිද හෙදර් නයිට් කිවාය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම දීම තෝරාගත් ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් මීගන් ෂූට්, එලිස් පෙරී සහ ඈෂ්ලි ගාර්ඩිනර් සාර්ථක පන්දු යැවීමක යෙදුණහ.


එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ට 228
ලෝරන් වින්ෆීඞ්ල්ඞ් 48, ටැමී බියුමවුන්ට් 24, සාරා ටේලර් 34, හෙදර් නයිට් 15, නැතලි ෂිවර් 36, ෆ්‍රාන් විල්සන් 26, කැත්රීන් බ්‍රන්ට් 11, ආන්යා ශ්‍රබ්සෝල් නොදැවී 11, මීගන් ෂූට් 44/2, එලිස් පෙරී 50/2, ඈෂ්ලි ගාර්ඩිනර් 47/3)

ඕස්ට්‍රේලියාව  - ඕවර 49.1 කදී කඩුලු 8 ක් දැවී 231
ඇලිසා හීලි 18, එලිස් පෙරී 20, එලිස් විලානි 38, රෂෙල් හේන්ස් 30, ඇලෙක්ස් බ්ලැක්වෙල් නොදැවී 67, ඈෂ්ලි ගාර්ඩිනර් 27, කැත්රීන් බ්‍රන්ට් 47/2, ඇලෙක්ස හාට්ලි40/2)

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව පළමු තරගය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.