Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය ලකුණු 231 ක් ඉදිරියෙන්

එංගලන්තය ලකුණු 231 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (1 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටියේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම තවත් කඩුලු 7 ක් අතැතිව නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 231 ක් පසුපසින් සිටින අතර තෙවැනි දිනය නිමාවන විට නායක ජෝ රූට් හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක්ද, ඬේව්ඞ් මැලන් හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 24 ක් වන විට එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 14 ක් ලබා සිටි ඇලිස්ටෙයාර් කුක් පිටියෙන් ඉවත් කිරීමට ටේ‍රන්ට් බෝල්ට් සමත් වූයේ කඩුලු රකින බී.ජේ. වෙට්ලින්ගේ සහායද ඇතිවය.

කුක්ගේ දැවීයෑමෙන් අනතුරුව මාර්ක් ස්ටොනෙමන් (60) සමග එක්වූ ජේම්ස් වින්ස් (76) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. එහෙත් ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ රොස් ටේලර් අතට උඩපන්දුවක් දෙමින් ස්ටොනෙමන් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

අද දිනයේදී සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ජේම්ස් වින්ස් එය හතරේ පහර 10 කින් සැරසූ අතර දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටියදී ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ රොස් ටේලර් අතට උඩපන්දුවක් දෙමින් ඔහු පිටියෙන් ඉවත්ව ගියේය.

දෙවැනි දිනය වූ ඊයේ (31 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 86 ක් පමණි.

නවසීලන්ත පළමු ඉනිම සුණුවිසුනු කර දැමූ ස්ටුවට් බ්‍රොඞ් සහ ජේම්ස් ඇන්ඩසන් පිළිවෙලින් ලකුණු 54 කට කඩුලු 6 ක් සහ ලකුණු 76 කට කඩුලු 4 ක් බැගින් දවාගත්හ.

පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග වේගවත් අර්ධ ශතකයක් ලබාගැනීමට ටිම් සවුති සමත් වූ අතර ඇන්ඩසන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ඔහුගේ වේගවත් ඉනිම නිමාවට පත් විය. නීල් වැග්නර් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 24 ක් ලබා නවසීලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 307
(මාර්ක් ස්ටොනෙමන් 35, ජෙම්ස් වින්ස් 18, ජෝ රූට් 37, බෙන් ස්ටෝක්ස් 25, ජොනි බෙයාස්ට්‍රෝ 101, මාර්ක් වුඞ් 52, ජැක් ලීච් 16, ටිම් සවුති 62/6, ටේ‍රන්ට් බෝල්ට් 87/2)

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 278
(කේන් විලියම්සන් 22, බී.ජේ. වෙට්ලින් 85, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 72, ටිම් සවුති 50, නීල් වැග්නර් නොදැවී 24, ටේ‍රන්ට් බොල්ට් 16, ස්ටුවට් බ්‍රෝඞ් 54/6, ජේම්ස් ඇන්ඩසන් 76/4)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 202
(මාර්ක් ස්ටොනෙමන් 60, ජෙම්ස් වින්ස් 76, ජෝ රූට් නොදැවී 30, ඬේවිඞ් මැලන් නොදැවී 19, ටේ‍රන්ට් බෝල්ට් 38/2)


- 036


අදහස් (0)

එංගලන්තය ලකුණු 231 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.